Colombo Today Local Newsfeatured

මුස්ලිම් මැති ඇමතිවරු මෙවර අගමැති අල්ලයි. කොවිඩ් මරණ භූමදානයට භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10) දින පැවැත්විණි.

එහිදී, කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දී තිබෙනවා.

මුස්ලිම් මැති ඇමතිවරු දිගින් දිගටම කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකොට භූමිදානය කරන ලෙසට ඉල්ලීම් සිදුකල අතර භූ විද්‍යාඥයින් එයට දැඩි විරොදයක් දක්වන ලදි.

මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙනයෑමට මුස්ලිම් පාර්ශව රැසක් කටයුතු කල අතර ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් 12ක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන ලදි.

Related posts

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

colombotoday

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

10වන වසරේ සිසුවිය එක්දරු පියෙකුගේ දරුවෙක් නිවසේදී බිහිකර මවක් වෙයි

Admin

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

colombotoday

ජනපති රාජාසන කතාව අරඹයි

colombotoday

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday