Colombo Today Local News

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

කොරෝනා හේතුවෙන් මියයන කතෝලික පුද්ගලයින්ගේ දෙහයයන් ආදාහනය කිරීමට එරෙහිව ඕෂල හේරත් නැමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම සම්බන්දයෙන් අප කාදිනල් තුමාගේ මාධ්‍ය අංශයෙන් සිදුකල විමසීමකදී කොරෝනා මරණ ආදාහනය කිරීම පිළිබඳව කාදිනල් තුමාට කිසිදු විරෝධතාවයක් නොමැති බව සඳහන් කර සිටියා.

අළු පොලවේ තැම්පත් කරනවිට පැවසීම සඳහා විශේෂ යාක්ඥා ද කතෝලික ආගමේ ඇති බවත් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මුට්ටිය දමා බැලීම

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ආදාහනය නොකර භූමදානය කල යුතු බවට මුස්ලිම් පාර්ශව රැසක් රජයට දැඩි බලපෑමක් සිදුකරමින් සිටින මොහොතක වෛරසය හේතුවෙන් මියයන කතෝලිකයන් ආදාහනය කිරීම සම්බන්දයෙන් කිසිදු කතෝලික සභාවක හෝ කිසිදු කතෝලික පුජකවරයෙකුගේ විරොධයක් නොමැති අවස්ථාවක ඕෂල හේරත් නැමති පුද්ගලයා අධිකරණය ඉදිරියට යෑමේ යටි අරමුණක් තිබෙන බවනම් පැහැදිලිය.

Related posts

ඤාණසාර හිමිට අද ඇප නොලැබෙයි… ඇපෑල සලකා බැලීම කල් යයි…

colombotoday

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සැබෑ සංහිදියාව ආදර්ශයෙන්ම පෙන්වූ මුරලිදරන් මහතා සමුගනී.. අවසන් කටයුතු බෞද්ධ – හින්දු චාරිත්‍රානුකූලව

colombotoday

වටේටම මඩ ගැසූ lankanewsweb.org කතෘ අත්අඩංගුවට

colombotoday

අවුරුදු 10ක දියණියකට බරපතළ ලිංගික අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

Admin