Colombo Today Local News

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බටබැඳි විසින් වසර 04 බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරු⁣ණේ පසුගියදායි.

ඒ අනුව, උන්වහන්සේ මේ වනවිට බන්ධනාගාරගතව සිය දඩුවම් කාලය විදිමින් සිටිනවා.

නමුත් හිමියන්ට ලැබුණු මෙම දඩුවම සාධාරණද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි ලෙස කතාබහක් නිර්මාණය කරන සිද්ධියක් බවට පත්වුණා. වර්තමානය වනවිටත් එම තත්ත්වය එලෙසම පවතිනවා.

ඒ අනුව අප මේ ඔබට ⁣උපුටා දක්වන්නේ උන්වහන්සේට ලබාදුන් දඩුවම සම්බන්ධයෙන් වන සිද්ධි ජාමයට අදාළ පසු විපරමක්.

කොටින්ම කියතොත් මෙය, කිසිවෙකුත් නිවැරදි ලෙස නොදුටු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂියයි.

උපුටා ගැනීම…

දීර්ඝ කාලයක් තිස්සේ විවිධ සංවිධාන හා රට දැය සමය පිළිබඳ දැක්මක් මෙන්ම ඇල්මක් ඇති අපේ උරුමය අනාගත පරපුරට ආරක්ෂා කොට තැබිය යුතු යැයි කල්පනා කරන කණ්ඩායම් හා පුද්ගලයින් විසින් විවිධ ආණ්ඩුවලට උරුමය වනසන කල්ලි කණ්ඩායම් පිළිබඳ දැනුවත් කරන ලදි.

විශේෂයෙන් නැගෙනහි‍ර පළාත මුල් කොටගෙන සිදු කරන පුරාවිද්‍යා සංහාරයන් විවිධ තැන්හි පොදු නීතියට අභියෝග කරමින් සිදු කෙරුණු විහාර දේවාලගම් වලට අයත් භූමීන් අත්පත් කරගැනීමෙන් ඉතා මෘදු ලෙසත් සූක්ෂම ආකාරයෙනුත් සිදු කෙරුණු ඒ සාහසික ආක්‍රමණ බලවේග පිළිබඳව මා විසින් ද අප සංවිධානය හරහා දිගින් දිගටම නොවලහා නොසඟවා හෙළිදරව් කළෙමි.

කූරගල, මුහුදු මහා විහාරය, දෙවනගල, දීඝවාපිය මෙන්ම විනාශ කෙරුණු මොට්ටියාගල සාගම සෑය මෙන්ම ජාතික ජල ගැළුම් නිම්න රක්ෂිතයේ දාගැබ් විනාශය හා අම්පාරේ මාණික්ක මඩු ඓතිහාසික පුරාවිද්‍යා භූමීන් පිළිඹඳ අප රට කරවන උදවියටත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලටත් පෙන්වා දුන්නෙමි.

පසුගිය කාලය පුරාම අපේ උරුමය වනසද්දී තම වරප්‍රසාද පාවිච්චි කොට පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ ඉතාම ස්වල්ප දෙනෙකි. බහුතර මහජනතාවගේ ඡන්දයෙන් සභා ගැබට යන ඔවුන් තම පක්ෂ න්‍යායපත්‍ර වල සිරවී හෝ බෞද්ධ උරුමය වනසද්දී වුව නිහඬ පිළිවෙතක සිටියේ ඔවුන්ට ජාතිවාදී සහ ආගම්වාදී ලේබල් අලවන නිසාවෙනි.

දිගින් දිගටම සිදු කෙරෙන මේ ජාතිය සතු උරුමයන් වනසන විට අප නොබියව ඉතා සරල අපේ උන්ට තේරෙන භාෂාවෙන් පෙන්වා දුන්නෙමි.

හලාල්, විල්පත්තු, ෂරියා විශ්වවිද්‍යාලය, රට පුරා ක්‍රියාත්මක ඉස්ලාමි උම්මත්තක අන්තවාදය පිලිබඳ සාක්ෂි සාධක සහිතවම කරුණු ඉදිරිපත් කළෙමි.
අවසානයේදී සිදු වූයේ “වෛරී සහගත ප්‍රකාශ” යන තේමාව යටතේ පොලිසියට පැමිණිලි කොට අප වෙත නඩු පැවරීමයි.
“අල්ටකියාව” කිව්වා කියා නඩුවක්
“ඉස්ලාම් ඉස් කැන්සර්” කිව්වා කියා නඩුවක්
“අල්ලගේ ලබ්බ” කිව්වා කියා නඩුවක්
“අල්ල භූවල්ලා” කිව්වා කියා නඩුවක්

වං වං කියා නොසිට වම්බටු කියා කීම මාගේ සිරිතයි. අපට මුණ ගැහෙන ගිහි වේවා පැවිදි වේවා වගකිව යුතු ඇත්තන් පවා ප්‍රශ්නයක් ඇති බවත් “අනේ ඉතිං අපි කොහොමද ඕවා කතා කරන්නේ….” කියා මුනිවත රකිද්දී අප නොබියව ඇත්ත ඇති සැටියෙන් කතා කලෙමු.
මා මේ සිරදඬුවමට ලක් වන්නේ සත්‍ය හෙළිදරව් කිරීම නිසාය.


2016 වසරේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේ සිදුවන්නට ගිය ලේ හැලීමක් වලක්වාලීමටය.
එක්තරා සමාගමක් විසින් ශ්‍රී පාද රක්ෂිතය තුල හෝටලයක් ඉදි කරන බවත් ඊට අදාල ඡායාරූප සියල්ලත් අන්තර්ජාලයට කිසියම් තරුණ කණ්ඩායමක් මුදාහැර තිබුණි. ඒ දිනවල විවිධ තරුණ පිරිස් කුඩා කුඩා සංවිධාන විවිධ නම් වලින් හදාගෙන තිබුණි. ඒවා අපිම පාලනය කළ ඒවා නොවේ. ඒ ආවේගශීලී තරුණ කණ්ඩායම් ශ්‍රී පාද රක්ෂිතයේ ඉදි කෙරෙන හෝටලය නතර කළ යුතු බවත් එසේ නොවන්නේනම් එහි ගොස් හෝටලය බිමට සමතලා කරන බවත් අන්තර්ජාල මාධ්‍යයේ මෙන්ම ජාතික මාධ්‍ය වල පවා කියැවුණි.


ඒ කාල සමය රටේ බොහෝ තැන්හි මේ ඉස්ලාම් ප්‍රශ්නය උඩු දුවමින් තිබූ කාලයකි.
මේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙසත්, ගැටුමක් සිදු වුවහොත් එය ඉතා නරක තත්ත්වයක් බවත් කෙසේ හෝ ඇත්ත නැත්ත කුමක්දැයි පහදන ලෙසත් ඉල්ලීම් ලද නිසා මා සියළු කරුණු සාක්ෂි සාධක සහිතව එකතු කොටගෙන මාධ්‍ය හමුවක් පැවැත්වූවෙමි.


එම මාධ්‍ය හමුව සඳහා සාලිය ටී පීරිස් නමැති අයත් එක්කර ගත්තෙමි. අන්තර්ජාලය හරහා තරුණ පිරිස් ගොණු කළේ ඔහු විසින් නිසා ඔහුවත් ලඟින් තබා ගෙන ඔහු දන්නා දේ ප්‍රකාශ කරන ලෙස දන්වා සිටියෙමි. පළමුව ඔහු දන්නා කරුණු ඉදිරිපත් කළ අතර පසුව මා අදහස් දක්වන්නට පටන් ගතිමි.
ඒ කාලයේ සතියකට වරක් සෑම අඟහරුවාදා දිනකම අප විසින් මාධ්‍ය හමුවක් පැවැත්වූවෙමු. ඒ අනුව මා සොයාගත් තොරතුරු මාධ්‍ය හමුවේ හෙළි කළෙමි.


“මේ හෝටලය හදන්නේ ශ්‍රී පාදයට අයත් භූමි භාගයක නොවන බවත් එය රක්ෂිතයට අයත් නොවන වෙනත් පෞද්ගලික ඉඩමක් බවත් ඒ නිසා එම ස්ථානයට ගොස් ගැටුම් ඇති කර නොගන්නා ලෙසත්” ප්‍රකාශ කොට ඒ වනවිට රට පුරා ඉඩම් මංකොල්ලයක් ඉතා මෘදු ලෙස ක්‍රියාත්මක වන අයුරුත්, දවසට නගරබද ඉඩම් අක්කර 10ක් පමණ අල්ලා ගැනීම සඳහා දියත් කර ඇති මෙහෙයුමත් ඊට ලැබෙන අරමුදල් පිළිබඳවත් මෙන්ම අක්කර 50 – 100 වැනි ඉඩම් මැදපෙරදිග ඇතැම් අරමුදල්වලින් හාජ්ජියාර්වරු අල්ලාගෙන රජයේ ඉඩම් Private Property කරගන්නා අයුරුත්‍, ඒ සඳහා හොර ඔප්පු සාදන ආකාරයත් ඊට අදාල නම් සියල්ලක් හෙලි කළෙමි.


“භූවල්ලා” යන වචනය මා පාවිච්චි කළේ අපේ පුරාවස්තු ආක්‍රමණය කරන ආකාරය නිරූපණය කිරීමේ නිදර්ශකයක් වශයෙනි.
ඒ කාලය තුල කූරගල, දෙවනගල, මුහුදු මහා විහාරය ඇතුළු ඉපැරණි බොදු උරුමයන් අත්පත් කරගෙන සිටීමත්, නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී සිටීමත් නිසා වගකිවයුත්තන්ගේ ඇස් අරවා සාධාරණයක් බලාපොරොත්තුවෙන් මිස මුස්ලිම් පාර්ශව සටනකට කැඳවීමට නොවේ.

ඒ අයට උරුමයක් විනාශ කළ හැකිය, අපට ඒ ගැන කතා කළ නොහැක.
“අල්ලා ගැන කතා නොකර ඉස්ලාමයක් නැත. ජීවිතයම අවුන්ගේ අල්ලාය”
අප අල්ලා කිව්වොත් වෛරීසහගතය, එහෙත් ඔව්න් අල්ලා යැයි පවසමින් මිනිසුන් මරන්නේය.
චෛත්‍ය 21න් 15ක් බිමට සමතලා කොට ඒ මත හරක් මඩු හදා තිබූ වෙහෙරගොඩයාය පල්ලිය ගොඩැල්ල වී තිබුණි (පොළොන්නරුව) අම්පාරේ මාණික්ක මඩුව “මායා මඩුව” වී තිබුණි.
අල්ලාගේ නාමයෙන් බොදු උරුමයන් වැනසීම දැක දැක නොඉවසීමෙන් “භූවල්ලෙකු” මෙන් අපේ උරුමයක් අල්ලනවායැයි කීම සිර දඬුවමට හේතු විය
.

Related posts

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

colombotoday

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

colombotoday

තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්

Admin

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday