Colombo Today Local News

ඉරාන ජනාධිපති අද දිවයිනට – කොළඹට විශේෂ රථවාහන සැලසුමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ උදෑසන 9.30 සිට 11දක්වා කාලය ඇතුළත කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙන බවයි.

මේ අතර, අද පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය සම්පූරණයෙන් වසා තැබෙන බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කලා.

එසේම අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබීමට කටයුතු කෙරෙයි.

නැවත රාත්‍රී 7.30 න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙන අතර මේ පිළිබඳව පොලීසිය විසින් පළ කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

Related posts

“යහපාලන කිරි මුට්ටියට හිරුණිකා ගොම දැම්මා” – එජාප මන්ත්‍රීන් හිරුණිකාට එරෙහිව අවි අමෝරයි

colombotoday

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

colombotoday

ඇමරිකන් පුරවැසියන්ට මෙහෙ ඡන්දෙ ඉල්ලන්න බෑ… එයා ගැන කතා කරල වැඩක් නෑ…

colombotoday

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

සජිත් ප්‍රේමදාස දේවදත්තයන්ගේ පුනුරුත්පත්තියයි

colombotoday

විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල වැඩක්- හිටපු මන්ත්‍රී චමින්ද කියයි

colombotoday