Colombo Today Local News

අවුරුදු 10ක දියණියකට බරපතළ ලිංගික අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

උපකාරක පන්තියකට සහභාගි වූ වයස අවුරුදු 10ක ගැහැණු දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන ප්‍රදේශයේ දී ඊයේ (08) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ගුරුවරුවරයෙකි. සැකකරුටද එවැනිම වයසේ දියණියක් සිටින බව පොලිසිය කියයි.

අතවරයට ලක්වූ දැරිය ද සැකකාර ගුරුවරයා විසින් පැවැත්වු එම උපකාරක පන්තියට සහභාගි වී ඇති බව පවසන පොලිසිය එහිදී මෙම අතවරය සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද සදහන් කරයි.

පන්තිය පැවති අවස්ථාවේ දී තමන් අතවරයට ලක්කළ බව දැරිය විසින් එදිනම නිවසට පැමිණ මව්පියන්ට පවසා ඇති බවත් දැරියගේ මව්පියන් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිහඬව සිට ඇති බවත් පොලීසිය කියයි.

Related posts

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හඳුනා ගනී

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

මුලතිව් කැලෑවක පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

colombotoday

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin