Colombo Today Local News

ඩ්‍රෝන යොදා කෘමිනාශක ඉසින නුවරඑළියේ ගොවිපොළ. – තාක්ෂණයෙන් වැඩක් ගෙන ලාභ ගන්නේ මෙහෙමයි

සංචාරක ආකර්ෂණය මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රදේශයක් හැටියට සලකන උඩරට එළවළු ගොවිතැන් සිදුකරන නුවරඑළිය ප්‍රදේශයේ මහා පරිමාණ වගා බිම් සඳහා ප්‍රථම වතාවට ඩ්‍රෝන තාක්ෂණය හා නැනෝ තාක්ෂණය භාවිතා කරමින් වගා බිම් සඳහා දියර පොහොර සහ කෘමිනාශක ඉසීම (10) දින ආරම්භ කෙරිණ.

අත්හදා බැලීමක් හැටියට සිදුකළ මෙම තාක්ෂණික කෘෂිකර්ම ක්‍රමවේදය ඉතාම සාර්ථකව සිදු කිරීමට හැකි වූ බව හා මෙලෙස තාක්ෂණික ක්‍රමවේදය හා මෙවලම් භාවිතා කරමින් දියර පොහොර හා කෘමිනාසක වගා භූමි වලට ඉසීමෙන් උඩරට එළවළු වගාවෙන් වැඩි ආදායම් ඉපයීමට හැකිවන බවද ගොවි මහතුන් සිය ප්‍රසාදය ප්‍රකාශ කරමින් කියා සිටියි.

ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ නුවරඑළිය ඉතිහාසයේ ප්‍රථම වතාවට දියර පොහොර ඉසීම ආරම්භ කල තරුණ ගොවි මහතෙකු වන අරවින්ද බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ නව තාක්ෂණයත් සමඟ මෙවැනි කෘෂිකර්මාන්ත ගමනකට යනවනම් තරුණයන් හැමදාම ආසාවෙන් කෘෂිකර්මාන්ත කටයුතුවල නියැලීමට කටයුතු කිරීම නොඅනුමාන බවයි.

වැඩිදුර අදහස් දැක්වූ අරවින්ද බණ්ඩාර මහතා කියා සිටියේ වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ සේවකයන්ගේ පඩි නඩි අවම කර ගනිමින් අහස උසට නැග තිබෙන දියර පොහොරවල මිල ගණන් අවම කර ගැනීමටත් සාමාන්‍ය ලෙස අක්කරේකට ඉසින බෙහෙත් අක්කර තුනකට අධික ප්‍රමාණයකට එසීමට හැකිවන මෙම තාක්ෂණික ක්‍රමවේදය රජය මැදිහත්වී නුවරඑළියේ සියලුම ගොවි මහතුන්ට ප්‍රයෝජනයක් වන පරිද්දෙන් හඳුන්වා දීමට කටයුතු කළ යුතු බවයි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

’’රංජිත් මට බැල්ලි කිව්වා’’ – මන්ත්‍රීනී ඩයනා කියයි

Admin

එජාපයේ ප්‍රතිපත්ති නිසා අධ්‍යාපන ලේකම් ඇතුළු අටදෙනකුගේ රථගායට රු.කෝටි 7 1/2ක් වියදම් කරලා…

colombotoday

කුඩු විකුණා උපයාගත් කෝටි 100 ක් ඩුබායි රටට ඇද්ද හැටි, මොහොමඩ් සිද්දික් කියයි

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

“බක් පෝ දිනයේ සිංහලේ උදාර ඉතිහාස උරුමය සිහි කරමු” – අනගාරික ධර්මසේකර

colombotoday