Colombo Today Local News

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි කිලෝ ලක්ෂ 12ක ප්‍රමාණයක් (සීනි මෙට්‍රික් ටොන් 1200ක්) රාජසන්තක කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා එලෙස සඳහන් කර ඇත.

මේ වන විට ආනයනය සීමා කර ඇති දුඹුරු සීනි එලෙස නීති විරෝධීව ව්‍යාපාරිකයෙකු විසින් ආනයනය කර ඇති අතර බහාලුම් තුළ සුදු සීනි අතර දුඹුරු සීනි සඟවා ආනයනය කර තිබේ.

අදාළ සීනි තොගය නිරීක්ෂණය කිරීම සඳහා ද අමාත්‍යවරයා සහභාගි වී ඇති අතර උග්‍ර ඩොලර් හිඟයකට රට මුහුණ දී ඇති මෙම අවස්ථාවේ සියලු දෙනා නීතිගරුකව කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඩොලරයක් පවා රැකගත යුතු තත්ත්වයක තරම් බරපතළ විදේශ විනිමය ගැටලුවක අප සිටින බවද ප්‍රකාශ කරන ඇමතිවරයා එවැනි තත්ත්වයක් තුළ ව්‍යාපාරිකයන්ගේ හෝ සාමාන්‍ය ජනතාවගේ වගකීම රජය ඒ සඳහා පැනවූ නීති රීති අනුව කටයුතු කිරීම බව ද සදහන් කරයි.

එවැනි නීති විරෝධී සිදුවීමක් සිදුවේ නම්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වෙත පැය 24 පුරා ම ක්‍රියාත්මක 0112 – 471471 යන දුරකතන අංකය වෙත සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 0112-347881 දුරකතන අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

තොරතුරු ලබාදෙන පාර්ශව ආරක්ෂා කිරීම සහ ඔවුන් සඳහා සුවිශේෂී ත්‍යාග පිරිනැමීමට රේගුව කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

අදාළ වැටලීම කර ඇත්තේ රේගුවේ නිලධාරියෙකු විසින් වෙළෙඳපොළේ දුඹුරු සීනි මිල දී ගත් අවස්ථාවේදී ඇති වූ සැකය මත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් දුඹුරු සීනි දේශීයව නිෂ්පාදනය කරන බැවින් එම සීනි ආනයනය සීමා කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කරයි.

Related posts

කෑගල්ල අධිකරණය දුන් නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න පොලිස්පති CIDයට දැනුම්දෙයි

colombotoday

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්නූ සිද්ධියට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුත් අත්අඩංගුවට

Admin

ඉන්දීය අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබූ හෙරොයින් සහ ආයුධ ගැන තොරතුරු හෙළිවෙයි.

colombotoday

හරීන් එන්නත්කරණයට බෑ කියයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday

උසාවිය ආණ්ඩුවේ කුණු හෝදයි_ සරසවි සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයේ

colombotoday