Colombo Today Local News

“කිලිටි මජර දේශපාලනයේ බලය ගන්නා එකම තුරුම්පුව ජාතිය, ආගම.සේපාල් අපේ කෙනෙක් නෙවෙයි”

“සේපාල් අමරසිංහ කියන්නේ යූටියුබ් ක්‍රියාකරුවෙකු මිස අපේ කෙනෙක් නොවෙයි. ආණ්ඩුවයි, විපක්ෂයයි ‘පැනික්’ වෙලා ජවිපෙට මඩ ගහනවා,” යැයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

“කිලිටි මජර දේශපාලනයේ බලය ගන්නා එකම තුරුම්පුව ජාතිය, ආගම බවත් මේ දෙගොල්ල ම දන්නවා” යැයි ද ජවිපෙ නායකයා පැවසුවේ පෙරේදා (ජන. 7)දින පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සේපාල් අමරසිංහගේ ප්‍රකාශය පිළිබඳ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මැතිවරණයක් කිට්ටු වෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. ජනාධිපතිවරණය වෙලාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ දිනයේ රාත්‍රියේ නාග ලෝකයෙන් නාගයෙක් ඇවිත් රටට සුබ පණිවුඩයක් දෙනවා කියලා කතාවක් හැදුවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝඨාභය හදලා තිබුණු බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ ‍දොස්තරලා නිර්මාණය කළා. එහි උච්චස්ථානය තමයි පාස්කු ප්‍රහාරය. අදටත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගන්න බැරිවුණා.

තමන්ගේ බලය වෙනුවෙන් එවැනි විනාශකාරී දේවල් නිර්මාණය කළ පාලකයෝ අපේ රටේ ඉන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මිනිසුන්ගේ නිදහස සංවර්ධනය වැනි දේවල් පිළිබඳ සාකච්ඡා කරනවා වෙනුවට ජාතිය, ආගම, ජාතික ආරක්ෂාව වගේ සංවේදී දේවල් සමග කරන දේශපාලන සූදුවක් තිබෙනවා. ඒ සූදුව තමයි මේ පටන් අරගෙන තිබෙන්නේ. ඔබ කියන සේපාල් අමරසිංහ ජාතික ජන බලවේගයේ හෝ ජවිපෙ ක්‍රියාකාරිකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක ඉන්න පුද්ගලයෙක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කළේ ගෝඨාභය රාජපක්ෂ කඳවුර. ඒත් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන්.

ඔහු යූටියුබ් ක්‍රියාකරුවෙක්. අපිට සම්මුඛ සාකච්ඡාවලට ආරාධනා කළා. අපි හැංගෙන්නේ නැති නිසා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වුණා. ඔහු අපි ගැන ඇගයීම් වගේ ම, අපි ගැන විවේචනාත්මක කරුණු ඉදිරිපත් කර තිබෙනවා. දැන් ආණ්ඩුව විතරක් නෙවෙයි ඒ පිළිබඳව විපක්ෂ නායකයාත් විවිධ කතා. ඒ නිසා බුදු දහම පිළිබඳවත් එම සංස්කෘතිය පිළිබඳවත් නිසි මැනීමක් සහ ඇගයීමක් අපිට තිබෙනවා. ආණ්ඩුවත්, ‘පැනික්’ වෙච්ච කණ්ඩායමත් මේක අපිට සම්බන්ධ කරන්න දරන උත්සහය විහිළුසහගතයි.”

Related posts

කොටින්ට වස දුන්නාදැයි හොයන්න ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් ඇවිත්.. අනුග්‍රහය NGOවකින් !

colombotoday

“ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කර ගන්න සල්ලි දීලා අරන් ගිය බෝම්බයක් වෙලා”

colombotoday

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් හදයි

colombotoday