Colombo Today Local News

ලොරියකට පොලිසියෙන් වෙඩි

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට අද (11) අලුයම පොලිසිය වෙඩිතබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම සඳහා නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් ලොරි රථය නොනවත්වා ධාවනය කර අති අතර පොලිස් නිලධරීන් රථයට වෙඩි තබා තිබුණා.

වෙඩි තැබීමෙන් ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු පළාගොස් තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගින්තොට, මාපුගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නම් පුද්ගලයෙක්.

සැකකරු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර අති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

colombotoday

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබෙනවා… ඒනිසා FCIDය දැන් ඇති – මුදල් රාජ්‍ය ඇමති

colombotoday

ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් දෙන්න යයි

colombotoday

කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා… දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කරගත යුතුයි…

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin