Colombo Today Local News

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

දෙසැම්බර් මස අවසානය දක්වා සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමටත්, සීනි පාලන මිල අද (03)දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටත් මුදල් අමාත්‍යාංශය ඊයේ (02)දින තීරණය කර ඇත.

මුදල් අමැති බැසිල් රාජපක්ෂ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

දෙසැම්බර් මස 31 වැනිදා දක්වා විදේශීය රටවලින් සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ආනයනකරුවන් කළ ඉල්ලීමට මුදල් ඇමැතිවරයා අවසර ලබා දී ඇත. එලෙස ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් සීයකට ලබා දිය හැකි බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටි.

වරායේ සිරවී ඇති සීනි කන්ටේනර් දෙසීය නිදහස් කිරීමෙන් පසු සීනි මිල තවත් අඩු විය හැකි බවද ආනයනකරුවන් ප්‍රකාශ කර තිබේ.

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 976ක් වරායේ සිර වී ඇති බව ආනයනකරුවන් මෙහි දී පෙන්වා දී ඇත. ඒ ඩොලර් හිඟය හේතුවෙනි. එම කන්ටේනර් නිදහස් කිරීමට ඇමරිකා ඩොලර් මිලියන දහසයක් අවශ්‍ය බව ආනයනකරුවන් පෙන්වා දී ඇත. එම මුදල් කඩිනමින් වාණිජ බැංකු වෙත නිදහස් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එකඟ වූ බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටි.

මේ අතර සිමෙන්ති හිඟය මග හැරවීම සඳහා සමාගම් තුනකට සිමෙන්ති මෙට්‍රික් ටොන් තිස්දහසක් ඇසුරම් කර ආනයනය කිරීමටද මෙහි දී අවසර ලබා දී ඇත. මෙම සමාගම් තුන මෙතෙක් සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර ඇසුරුම් කර තිබේ.

Related posts

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

colombotoday

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

colombotoday

සමාජය කළඹමින් පහුගිය මාස 6 තුල ඥානසාර හිමි ගහපු අමුතු ගේම මෙන්න

colombotoday

හිටපු පොලිස්පතිට එරෙහි නඩුවට පොලිස්පති අධිකරණයට එයි

colombotoday

ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

Admin

මෙරටින් වාර්ෂිකව හඳුනා ගැනෙන ළමා පිළිකා රෝගීන් ගණන 900ක්

Admin