Colombo Today Local News

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන්කළ රථය ගිනිගනී (වීඩියෝ)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇති බව සඳහන්.

අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබුණා.

Related posts

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday

උසස් පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

colombotoday

සෙනසුරු මාරුවෙයි.. ජනපතිගේ මාරක අනාවැකියත් මාරු වෙයි !

colombotoday

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

බස්නාහිර තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday