Colombo Today Local News

අළුත් අවුරුද්දට සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්…

2024 අප්‍රේල් මසට යෙදෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමයි.

ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම පොදු සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත.

• 2024.04.13 දින වන විට බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති එකක (සති 01ක්) සමාවක් ප්‍රධානය කිරීම.

• දඩ මුදල් නොගෙවීම නිසා 2024.04.13 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

• 2024.04.13 දින වන විට නියම කර ඇති සිරදඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

• 2024.04.13 දින වන විට වසර 40ක් හෝ ඊට වැඩි සිර දඬුවමින් වසර 20ක කාලයක් ගෙවා අවසන්කර ඇති (මහාධිකරණයෙන් සිර දඬුවම් නියමකල දින සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

• 2024.04.13 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියම කර ඇති සිරදඩුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමුකර ඇති සිරකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන්කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිළධාරියෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටත්ව අහෝසි කිරීම.

මෙම විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කිරීම අනුව, 2024.04.13 වන දින විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතව ඇත.

Related posts

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

රාජ්‍ය ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයි

colombotoday

රත්‍රං මිල අදත් පහළ යයි

Admin

මන්නාරම නාරිකාඩුවල සිංහලයන්ගේ කඳුළු කථාව

colombotoday