Colombo Today Local News

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

යුද සමයේ සිදුවූ ද්‍රවිඩ පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම පිළිබඳව ශ්‍රී ලංකාවට දඬුවම් කළ යුතු බව බ්‍රිතාන්‍ය විපක්ෂ නායක ජෙරමි කොර්බින් පවසා තිබේ.

ජෙරමි කොර්බින් යනු එරට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන කම්කරු පක්ෂයේද නායකයා වේ.

එසේම ශ්‍රී ලංකාවේ පොලිසිය පුහුණුකිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය අරමුදල් සැපයීම පිළිබඳවද විමර්ශනයක්‌ පවත්වන ලෙසද ඔහු ඉල්ලා තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ පිළිවෙත වෙළෙඳ හා ආයෝජන සඳහා නොව වගවීම යනුවෙන් වෙනස්‌ විය යුතු බවද ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට වධහිංසා පැමිණවීම ගැන වූ වාර්තාවන් තමා වෙත ලැබී ඇති බවත් එම වාර්තාවේ භයානක වධහිංසා පිළිබඳව සඳහන් කර ඇති බවත් ඔහු පවසා තිබෙන බව වාර්තා වේ.

Related posts

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් පාසල්වලට ගැනීම මසකින් කල් යයි

colombotoday

යාපනය නගරයේ සියළු සුරාසැල් වසා දැමේ.. දුම්වැටි අළෙවියත් තහනම් – දිසාපති නියෝග කරයි

colombotoday

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

සිප් සතර විකිණීම “ගුරු සේවයට තරම් නොවේ“

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday