Colombo Today Local News

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ, රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැය වන බැවින් මෙම තීරණය ගත් බවයි.

සහල් මිල ඉහළ යාමත් සමග කීරි සම්බා ආනයනයට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ යටතේ සම්බා මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළේ ය.

එහෙත් එම ක්‍රියාවලිය මෙතෙක් අවසන්ව නැත.

පෞද්ගලික අංශයට සම්බා ආනයනට අවසර දීමත් සමග කඩිනමින් එම තොග දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

“මංතීරුව කැඩුවේ අපි නෙවෙයි.. කඩපු අයම ඒක බලාගත්තාවේ” – ඇමති චම්පික

colombotoday

වසර 05 ම පාවිච්චි කළේ පැරණි නිල රථයයි. ඇන්දේ හිටපු කථානායක ඇඳපු කබායයි. සමු දෙන්නේ පිරිසිදු දෑතකින් යුතුවයි. කථානායක කරු ජයසුරිය කියයි

colombotoday

‘Colombo Today’ ත් අරන් රාජිත,චම්පික,අර්ජුණ පොලීසි යයි !

colombotoday

වටරැක විජිත හිමියන්ට වතුර බෝතලයකින් පහරදුන් මහියංගන ප්‍රා සභා සභාපති අත්අඩංගුවට

Admin