Colombo Today Local News

එක් දිනකදී තවත් සැකකරුවෝ 1,182ක් යුක්තිය මෙහෙයුමට කොටුවෙති

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02)දිනයේ සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 44 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී, හෙරොයින් 287g, අයිස් 246g, ගංජා 05kg 400g, ගංජා පැළ 19,052ක්, මාවා 104g, ඈෂ් 95g,
මත්පෙති 119ක මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මැකොට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ඊ නිව්ස් සදරුවන්ට නොතීසි.. නඩුවට නාවොත් අල්ලන්න රතු වරෙන්තුවක් !!

colombotoday

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

colombotoday

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙක් රිමාන්ඩ් !

colombotoday