Colombo Today Local News

වසවිෂ රට කිරි වෙනුවට මිල්කෝ-හයිලන්ඩ් ඉල්ලුම ඉහළට… නිශ්පාදන වැඩි කරන්න කෘෂි ඇමතිගෙන් උපදෙස්

උත්සව සමය සඳහා  මිල්කෝ,  හයිලන්ඩ් නිෂ්පාදන වැඩි  කිරීමට අවශ්‍ය කටයුතු සළසන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින්  උපදෙස් ලබා දී තිබේ.

 එමෙන්ම කිරි කර්මාන්තශාලාව වෙත ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කිරීම උදෙසා එක් රැස් කිරීම වර්ධනය කිරීමටත්,  දෛනික නිෂ්පාධිත අයිස්ක්‍රීම් හා යෝගට් ප්‍රමාණය 20,000 කින් ඉහළ දැමීමටත්  උපදෙස් ලබා දී ඇත.

 විදේශීය කිරිපිටි ගැටළුව සමඟ මිල්කෝ නිෂ්පාදන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් මතුව තිබේ. මේ හෙයින් දෛනික කිරිපිටි නිෂ්පාදනයන් ඉහළ දැමීමේ අරමුණ වී තිබේ.

 දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා  නිලධාරීන්ට  මෙලෙස උපදෙස් ලබා දී  තිබේ.


දෛනික කිරි සැපයුම වියලි කාලගුණය සමඟ ලීටර් ලක්ෂය දක්වා අඩුවි ඇති අතර,  අඹේවෙල කිරි කර්මාන්තශාලාව සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 04ක අවශ්‍යතාවයක් පැන නැඟී  ඇතැයි එම හමුවේදී අනාවරණය වී තිබේ.

Related posts

බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

බෙලිඅත්ත කෝච්චි පාර මහින්දගේවත්, අපේවත් අම්මගෙ තාත්තගෙ බූදලෙන් හදපු එකක් නෙවෙයි – ඇමති අර්ජුන

colombotoday

රාජගිරිය රිය අනතුර – පාඨලිගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

colombotoday

“ගෝඨාභයට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක්”

colombotoday

මව දුරකතනය නොදුන් නිස, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

colombotoday

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

Admin