Colombo Today Local News

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ විය.

විභාගයේ ආරම්භ දිනය වන අද (6) බුද්ධ දර්ම‍ය ඇතුළු ආගම් විෂයන් පැවැත්වෙන අතර විභාගය පෙරවරු 8.30 ට ආරම්භ විය.

අද ආරම්භ වන විභාගය මේ මස 15 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 452,979 ක් පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 ක් ඇතුළත්.

පාසල් විභාග මධ්‍යස්ථානවලට අමතරව විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

ශ්‍රි ලංකා රජයත් සමානුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාව සම්මත වෙයි…

colombotoday

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday

මහින්දානන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට හේතුව

colombotoday

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

“රට කෑව නෙවෙයි ඕයි.. රට බේරගත්ත“.. අමරසේකරගෙන් මාධ්‍යවේදියෙකුට සැර පහරක් !

colombotoday

රනිල් බේරගන්න සල්ලි බෙදන ඇමැති කවුද? විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (Video)

colombotoday