Colombo Today Local News

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

කිලෝමීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05)දින පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ආරම්භ කෙරිණි.

වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ උමග ඉදි කෙරේ.

අද පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර මංගල පස් පිඩැල්ල කැපීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මේ අතර වසර 06කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය වසර 04 කදී එනම් 2025 වන විට අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ව්‍යාපෘතිය අවසන්වීමෙන් පසු උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසේ.

කුඩා වැව් 1200කට ජලය සැපයීමෙන් හෙක්ටයාර 43,000ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීමට අපේක්ෂිතය.

Related posts

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday

උතුරු-නැගෙනහිර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනතුරේ… විහාරස්ථානවල ආරක්ෂාව තහවුරු කරන්න…

colombotoday

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin

ව්‍යවස්ථා සංශෝධනයෙන් සිංහල සහ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂා කිරීමට යෝජනා කෙරේ

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවාට ඡන්දය දෙන්න එපා – එක්නැළිගොඩ බිරිඳ ඉල්ලයි

colombotoday