Colombo Today Local News

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ලබන 08 වන සඳුදා දිනයේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවරගෙන තිබේ.

පෞද්ගලික බස් සංගම් විසින් 08වන දින සිට වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවට ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

පෞද්ගලික බස්වර්ජනය හේතුවෙන් මගී ජනතාවට එල්ල වියහැකි බලපෑම අවම කිරීම සඳහා යළි දැනුම්දෙන තුරු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට පියවර ගත්බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම බස් රථ එදින සිට ධාවනයට යෙදවීමට ද තීරණය කර ඇති බවද කිංස්ලි රණවක මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “කොළඹ නගරය තුළ ‘සිටිබස්’ සේවාව තවදුරටත් වර්ධනය කර බස් රථ ප්‍රමාණය වැඩි කරන්නට මේ වනවිට සැලසුම් කරමින් යනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 85ක් පමණ තිබුණත් කොවිඩ් වසංගතයත් සමග එය මේ වනවිට මිලියන 55ක තත්ත්වයක තමයි තියෙන්නේ,” යනුවෙන් ද පැවසීය.

Related posts

කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට

colombotoday

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin

2017 නොබෙල් සාම තෑග්ගට ජනපති මෛත්‍රීගේ නම යෝජනා වෙයි !

colombotoday

පවුලේ දේපොළ වත්කම් සාපයක් වී අවිගත් ‘සමයං‘ගේ සෝබර පාපොච්ඡාරණය

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

ප්‍රාඩෝවලට නොදෙවැනි ඉලෙක්ට්‍රික් කාර් මගඩිය

colombotoday