Colombo Today Local Newsfeatured

තවුහිද් ජමාද් සහ සුෆි මුස්ලිම්වරු දෙපිල බෙදී ගිංතොටදී මරා ගනිති. – 12ක් රෝහලට. 4ක් අත්අඩංගුවට

ගාල්ල ගිංතොට පිහිටි අවුලියාමලේ පල්ලියේ ඊයේ (27) සවස 5.00 ට පමණ ආරම්බ වූ ආගමික වැසටහනක දී සුෆි මුස්ලිම්වරු පිරිසක් ධජයක් ඔසවනු ලැබ ඇති අතර අනතුරුව එම ස්ථානයට කඩා වැදී ඇති තවුහිද් ජමාද් මුස්ලිම්වරුන් කණ්ඩායමක් ඊට විරෝධය පළකරමින් එම ධජය ඉවත්කිරීමට උත්සහ කර තිබේ.

එහිදී දෙපිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ සිදු වූ පහරදීම්වලින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගැටුමෙන් පසු එම ස්ථානයට පැමිණ ඇති පොලිසිය, ආරවුලක් ඇතිකිරීමේ චෝදනාව යටතේ මුස්ලිම් ජාතික සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්කර තිබේ.

පසුගිය වසර 20කට ආසන්න කාලයක් සුෆි මුස්ලිම්වරුන් මෙම පල්ලියේ වාර්ෂික දානය ලබා දෙමින් ආගමික කටයුතු සිදුකරනු ලබන බවත් එහිදී ඔවුන් ලෙස ධජය එසවීම සිදුකරන බවත් ඔවුන් මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙහිදී සිංහල – මුස්ලිම් ගැටුමක් ඇතිවීමේ ඉඩකඩක් තිබුන බවක් පොලිසිය පවසා ඇතත්, මෙම සිද්ධියට කිසිඳු සිංහල ජාතිකයකුගේ හෝ සම්බන්ධයක් නොතිබුන බව ප්‍රදේශවාසී මුස්ලිම් පවසති.

Related posts

විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඔහුටයි

colombotoday

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

colombotoday

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

colombotoday

විදුලිබල ලේකම් කොමිස්‌ තක්‌කඩියෙක්‌

colombotoday

ඇමති මංගලගේ ගෝලයෝ සිරසට සහ මව්බිමට කඩා පනිති. ජවිපෙ සාමාජිකයෝත් ඒ අතර

colombotoday

රාජ්‍ය ආයතන නිලධාරින්ගේ වැටුප් වාර දෙකකට

Admin