Colombo Today Local News

රාජ්‍ය ආයතන නිලධාරින්ගේ වැටුප් වාර දෙකකට

රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම (අවස්ථා දෙකකදී) ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත.

මහ භාණ්ඩාගාරය මේ තීරණය ගෙන ඇත්තේ රටේ මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන බව වාර්තා වේ.

මේ අනුව මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් අක් මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ගණකාධිකාරි, අධ්‍යක්ෂ (මූල්‍ය) නිලධාරීන්ට ලිපියකින් දැනුම්දී ඇත.

මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන්ට වෙන වෙනම වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.ඩී.එල් සිල්වා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න යන මහත්වරුන් ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ පසුගිය 13වැනිදායි.

Related posts

හිජාස් හිස්බුල්ලාගේ ඇප සළකා බැලිම සම්බන්ධයෙන් නීතීපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

Admin

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික අපි විරුද්ධයි – වී. රාධාක්‍රිෂ්ණන්

colombotoday

සුදු වෑන් සිද්ධිය – CD තැටි කොළඹ මහාධිකරණයට

colombotoday

ඉස්ලාමීය රාජ්‍යය(ISIS) ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල. | එක්සත් ජාතින් අනතුරු අඟවයි

colombotoday

මත්තල ඉන්දියාවට.. යෝජනාව ළගදීම කැබිනට් අනුමැතියට !

colombotoday