Colombo Today Local News

ඇමති මංගලගේ ගෝලයෝ සිරසට සහ මව්බිමට කඩා පනිති. ජවිපෙ සාමාජිකයෝත් ඒ අතර


කළු හැඳගෙන කළු පටිවලින් මුහුණ ආවරණය කරගත් විරෝධතාකරුවන් පිරිසක් අද පෙරවරුවේ සිරස ප්‍රධාන කාර්යාලයට සහ මව්බිම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටට පැමිණියහ.

එම පිරිස අතර ඇමති මංගල සමරවීරගේ අමාත්‍යංශයට අයත් ආයතනවල සේවය කල පුද්ගලයින් රැසක් දක්නට ලැබුණි.

අග්‍රාමාත්‍යවරයාගේත් බිමල් රත්නායක මහතාගේත් ප්‍රකාශයෙන් දින 20 කට පසු ඔවුන් මෙලෙස පැමිණියේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට විරෝධය දක්වමිනි.

විරෝධතාකරුවන් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ අද දහවල් 12 ට පමණ ය.

විරෝධතාවට එක්ව සිටින බව කියවෙන පිරිස පිළිබඳව ඔවුන් ප්‍රදර්ශනය කළ බැනරයේ සටහන්ව තිබිණ.

එම පිරිස තමන් හඳුන්වා ගත්තේ,

ශ්‍රී ලංකාවේ කාන්තාවෝ
අලුත් පියාපත්
අලුත් පරපුර
මාරුතයේ හඬ
දිදුලන හදවත
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු
වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
සාධු ජනරාව
නැගී සිටිමු ශ්‍රී ලංකා
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය
අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයින්
සම බිම යන සංවිධානවලට අයත් සාමාජිකයින් ලෙසයි.

මෙලෙස පැමිණි පිරිස ඔවුන් රැගෙන ආ ලිපියක් භාර ගන්නා ලෙසට බලපෑම් කරන්නට විය.

එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ විදර්ශන කන්නන්ගර නමැති අයෙක් අප මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ ය.

මේ පිරිස පසුව මව්බිම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටට ද පැමිණියේ ය.

එහිදී කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් මේ පිරිස මව්බිම කාර්යය මණ්ඩලය පිළිගත්තේ ප්‍රතිවිරෝධයකිනි.

පැමිණි පිරිස එක් පසෙක සංවිරෝධය දක්වද්දි මව්බිම සේවක පිරිස තවත් පසෙක ප්‍රතිවිරෝධය දක්වන්නට විය.

මාධ්‍ය නිදහස් පිළිබඳව කථා කරමින් පැමිණි මේ කණ්ඩායම අතර සිටි මනෝහාරී හේවාවසම් මහත්මිය සිද්ධිය වාර්තාකරමින් සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනාත්මක ලෙසින් ප්‍රතිචාර දැක්වූවා ය.

මව්බිම කාර්ය මණ්ඩලයේ හූ හඬ මධ්‍යයේ විරෝධතාකරුවෝ විසිර ගියහ.

මෙම විරෝධතාකරුවන් අද දවස පුරා විවිධ මාධ්‍ය ආයතන ඉදිරිපිට මෙලෙස හැසිරෙනු දක්නට ලැබිණ.

Related posts

දළදා මැදුරට ඉහළින් සිටින සේ මුස්ලිම් කුළුනක් ඉදිවෙයි.. රන් ආලේපිත මුදුන් හිස අද රෑම සවිකරන්න ලෑස්තියි

colombotoday

අභ්‍යන්තර ආරක්ෂාව ගැන සීරුවෙන් සිටින්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිසියට දැනුම්දීමක්

colombotoday

දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයි

Admin

යහපාලන ආණ්ඩුව කළ තවත් වැඩක් අවුල් වෙයි.. නැවත සංශෝධනය කරන බව ජනපති කියයි

colombotoday

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Admin

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday