Colombo Today Local News

රාජගිරිය රිය අනතුර – පාඨලිගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ මුල් නඩු ගොනුව තම අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය අද (02)දින නියෝග කළාය.

2016 වසර රාජගිරිය ප්‍රදේශයේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකුට අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට නියම කර ඇති ඇතැම් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට මහාධිකරණය විසින් නියම කර ඇති ඇප කොන්දේසි මොනවා ද යන්න නිශ්චිත වශයෙන් දැනගැනීම සඳහා එහි මුල් නඩු ගොනුව පරික්ෂා කිරීම අවශ්‍ය බවය.

ඒ අනුව එම නඩුව ඔක්තෝම්බර් මස 07 වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එම නඩුවට අදාළව දැනට කොළඹ මහාධිකරණය හමුවේ පවතින මුල් නඩුව කැඳවන ලෙසද නියෝග කළාය.

Related posts

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

අල්ලස්ගත් කළුතර දිසා අධිකරණ කාර්යාල සහයක රිමාන්ඩ්

Admin

කැබිනට් සංශෝධනය හෙට… ශ්‍රීලනිප 16 කණ්ඩායම විපක්ෂයට !

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin

ඉෂාලිනිගේ දේහය යලිත් භුමිදානය කෙරේ.

colombotoday