Colombo Today Local News

කැබිනට් සංශෝධනය හෙට… ශ්‍රීලනිප 16 කණ්ඩායම විපක්ෂයට !

කැබිනට් සංශෝධනය හෙට 12 දිනයේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊයේ 10 දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ එකගතාවය මත මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

පසුගිය දිනවල ඇතිවූ දේශපාලන අස්ථාවර භාවය නිසා රටේ බොහෝ අංශ අකර්මන්‍ය වී ඇති බවත්, රට අස්ථාවර වීමට ඉඩ නොදී සිංහල අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනය සිදුකිරීමේ අවශ්‍යතාවය කැබිනම් ඇමතිවරු කිහිප දෙනෙකු ජනාධිපිවරයාට පෙන්වා දී ඇති බවද සදහන් වේ.

කෙසේ වෙතත් හෙට සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී ශ්‍රීලනිප 16 කණ්ඩායම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබදව ශ්‍රීලනිප පාර්ශවයෙන් එහිදී කිසිවක් සදහන් වී නොමැති බවද පැවසේ.

මේ අතර විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 16 දෙනා මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

Related posts

“පස්සේ දොරෙන් බලයට ආ රනිල් වැඩ වරද්ද ගත්තා”

colombotoday

මැදපෙරදිග දී වධහිංසාවට ලක් වූ 51ක් හිස් අතින් යළි දිවයිනට !

colombotoday

පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය ඇති වන අයුරින් නව පොලිස්පති පත් කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Admin

විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය මුදා හැරීමට IMF විධායක කමිටු අනුමැතිය

Admin

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin