Colombo Today Local News

පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය ඇති වන අයුරින් නව පොලිස්පති පත් කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා මීළඟ පොලිස්පතිවරයා පොලිසියේ ආදර්ශමත් සහ නොකැළැල්, සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

පොලිසිය කෙරෙහි මහජනතාව තැබූ විශ්වාසය පසුගිය කාලසීමාවේ බරපතළ ලෙස ඛාදනය වූ අයුරු දක්නට ලැබුණු බව පවසා ඇති නීතිඥ සංගමය, පොලිසියේ ස්වාධීනත්වය, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණ පිළිබඳව ද අදාළ ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

ඒ අනුව, නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ඉහත කරුණු පිළිබඳව ද අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කර ඇත.

Related posts

DIG නාලක සිල්වා අද අත්අඩංගුවට ?

colombotoday

ඤාණසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම හෙට (23) සවස 3 ට….

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday