Colombo Today Local News

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් පැමිණිල්ල අල්ලස් කොමිසමට අද (20)දින භාරදී ඇත.

ඔෂල හේරත් මහතා කියා සිටින්නේ, ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය.

එබැවින් ඇයට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන හා විගමන පනතට පටහැනි ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි.

එම නිසා මේ තුළින් බලය අයුතු ලෙස පරිහරණය කිරීම සිදුවී ඇතැයි පෙන්වා දෙන පැමිණිලිකාර ඔෂල හේරත් මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.

Related posts

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin

විද්‍යාත්මක ඇමති සංශෝධනයෙන් ෆොන්සේකාට වනජීවිය

colombotoday

සන්නිවේදන ජාලාවලට බාධා කරන ජෑමර් යන්ත්‍ර 8ක් සමග මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday

“ජනතාව ඉල්ලන දේ දෙන්න මං ලෑස්තියි“.. අලුත් පක්ෂයක් හදන බව මිණිපුරයේදී මහින්ද සහතික වෙයි

colombotoday

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin