Colombo Today Local News

TNA මන්ත්‍රීලා කෝකිලායි විහාරයට යයි.. ඉඩමේ අයිතිය ගැන විහාරාධිපති හිමිගෙන් ප්‍රශ්න කරයි

උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන නිරීක්ෂණය කිරීමේ සංචාරයකට එක්ව ඇත.

මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂාවකින් පසුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවකට හා අවසානයේ දී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳව විමසා තිබේ.

එහිදී කෝකිලායි සම්බෝධි විහාරයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් හමු වී සම්බෝධි විහාරය ඉඩම හිමිකාරීත්වය විමසා ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් පිරිස කියා ඇත්තේ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියකු බවයි.

තමන්ට මෙම ඉඩම නීත්‍යානුකූලව මැරටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුණු බවත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබුණත් පසුකාලීනව එම නඩුව ඉල්ලා අස්කර ගෙන ඇති බැවින් තමන් දෛනිකව පන්සලේ සහ සිංහල දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බව ගුණරතන හිමියෝ ප්‍රකාශ කර ඇත.

මෙම සංචාරයට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන් , ජී.ටී.ලිංගනාදන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Related posts

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට සැලසුම්

colombotoday

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රහසිගතව ඉන්දියාවට විකුණා දැමීමේ උත්සාහයක්…

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුව- අගමැති මහින්ද

colombotoday