Colombo Today Local News

ඉෂාලිනිගේ දේහය යලිත් භුමිදානය කෙරේ.

රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් පසුගිය දා ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ කිතුනු ආගමික වතාවන් වලට අනුකුලව (13) දින පස්වරුවේ හැටන් ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියේ ඇය මිට ප්‍රථම භුමිදානය කල ස්ථානයේම භුමිදානය කෙරිණ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගයක් මත මියගිය ඉෂාලිනිගේ දේහය (13) දින මවට සහ ඇයගේ සොහොයුරාට භාර දිමෙන් අනතුරුව දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට ඩයගම වත්ත දක්වා රැගෙන එනු ලැබුහ.

දෙවන පශ්චාත් මරණ පරික්ෂණ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙක් යටතේ සිදු කල අතර එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

colombotoday

ඇමැති 20කගේ දුෂණ ෆයිල් ජනපති කොමිසමට

colombotoday

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

නවගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin