Colombo Today Local News

රනිල්ව ජනපති කරවන්න ෆොන්සේකා පෙරට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා කිසිවිටකත් එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැළණිය ප්‍රදේශයේ පැවති ඊයේ (26) උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ආණ්ඩුවක් සෑදිය හැකි වුවත් පෙර පරිදි එකතු වීමේ බලාපොරොත්තුවක් නොමැති බව ද කියා සිටි මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති දීගය අතහැර දැන් දික්කසාද වී ඇති බව ද පැවසීය.

දවල් වැටුණ වලේ-රෑ වැටීමට කිසිසේත්ම සුදානමක් නොමැති බව ද කියා සිටි ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂයේ නායකයා නිසකයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ද සඳහන් කළේය.

එජාපයේ නායකත්වයට සුදුසු නම් නිසැකයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා, එවැන්නක් වුනොත් ඔහු ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක් තරග කළ යුතු බවයි.

Related posts

“ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ගැනීමටනම්, විදේශ ඇමතිකම ශ්‍රීලනිපයට ගන්න“ – දයාන් ජයතිලක

colombotoday

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

colombotoday

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ – පොලිස්පතිගෙන් නියෝග

colombotoday

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday

සංඝරත්නය ගැන රන්ජන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා, ලිඛිතව කරුණු ඕනෑ – අගමැතිගෙන් රන්ජන්ට ලිපියක්

colombotoday