World

ඊශ්‍රායල හමුදාව හමාස් නියෝජ්‍ය නායකයා ඝාතනය කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කර ඇත.

ඒ, ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි.

සාලේ අල් අරූර් ඇතුළු හමාස් සාමාජිකයන් 6දෙනකු එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

හමාස් සංවිධානයට එරෙහිව ගෙන යන සටනේ දී ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයා ලෙස සාලේ අල් අරූර් සැලකෙයි.

මෙම ප්‍රහාරයෙන් පසු, ගාසා තීරයට පමණක් සීමා වුණු ඊශ්‍රායල හමාස් අර්බුදය ලෙබනනයට ව්‍යාප්තවීමේ අවදානමක් පවතී.

ඊශ්‍රායල රජය පවසා ඇත්තේ බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය, ලෙබනනයට එරෙහිව කළ ප්‍රහාරයක් නොව, තම සතුරා හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරයක් පමණක් බවය.

Related posts

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයි

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday

සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ඇමරිකාවෙන් ප්‍රතිචාර.. හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

colombotoday