World

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

ඉන්දියාවේ රාජස්ථානයේ භාරත්පූර් හි ප්‍රධාන අධිවේගී මාර්ගයේ ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

මෙම බස් රථය රාජස්ථානයේ පුෂ්කාර් සිට උත්තර් ප්‍රදේශ් හි වෘන්දවන් දක්වා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.

දිවි ගලවා ගත් අයෙක් පවසා ඇත්තේ, වේගයෙන් පැමිණි ට්‍රක් රථය බස් රථයේ ගැටෙන විට රියදුරු සහ මගීන් කිහිප දෙනෙකු බස් රථය පිටුපස සිටගෙන සිටි බවයි.

ඒ අවස්ථාවේ බස් රථයේ ඉන්ධන අවසන්වීමෙන් පසු ලකාන්පූර් ප්‍රදේශයේ ඇන්ත්‍රා ගුවන් පාලම අසල නතර කර තිබී ඇති අතර ට්‍රක් රථය පිටුපසින් පැමිණ එහි ගැටී තිබේ.

පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත බව එරට පොලීසිය සඳහන් කරයි.

Related posts

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

Admin

පකිස්ථානයේ ප්‍රදේශ රැසක පැය 7ක විදුලි කප්පාදුවක්

colombotoday

ඉන්දියාවෙන් තවත් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවක්

colombotoday