World

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

කොවිඩ් අවදානම හේතුවෙන් නවසිලන්ත මහා මැතිවරණය මසකින් කල් දැමීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පියවර ගෙන තිබේ.

නවසිලන්තයේ ඕක්ලන්ඩ් හි කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෛනිකව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත.

ඒ අනුව, සැප්තැම්බර් 19 වනදා පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය ඔක්තොම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිතය.

දින 100කට අධික කාලයකට පසුව පසුගිය සතියේ පළමු වරට නවසීලන්තයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා විය.

එම ආසාදිතයින් වාර්තා වු ඔක්ලන්ඩ් නුවර වසා දැමීමට මේ වන විට බලධාරීන් පියවර ගෙන ඇති අතර මේ දක්වා ඒ ආශ්‍රිතව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 69 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ආර්ථිකය ගොඩ ගන්න පාකිස්ථානු අගමැතිගෙන් දැඩි තීරණයක්…

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday

ඉන්දියානු නව ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු අද දිවුරුම් දෙයි

colombotoday

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

colombotoday