World

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

isis1

අයිඑස් සංවිධානයෙන් ඉවත් වන ලෙස තම පුත්‍රයාගෙන් ඉල්ලා සිටි මවකට මරණ දඬුවම ලබා දී ඇති බව සිරියාවේ ක්‍රියාධරයෝ වාර්තා කරති.

මෙම මවට ප්‍රසිද්ධියේ වෙඩි තැබීමට අයිඑස් කැරලිකරුවන් යොදා ගෙන ඇත්තේ ඇයගේ පුත්‍රයාම යි. ඇමරිකානු හමුදා විසින් අයිඑස් සංවිධානය විනාශ කර දැමීමට පෙර දෙදෙනාම නගරය අතහැර යා යුතු බව පවසමින් මේ මව තම පුතුට පවසා ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයෙන් ඉවත් වන ලෙසයි.

මේ පිළිබඳව අනෙකුත් කැරලි කරුවන්ට පැවසීමෙන් අනතුරුව ඇය මරා දැමීම සඳහා සිය පුත්‍රයාම යෙදවීමට IS කැරලිකරුවෝ කටයුතු කර තිබේ.හතළිස් පස් හැවිරිදි ලීනා අල් කසීම් ට වෙඩි තබා ඇත්තේ ඇය සේවය කරමින් සිටි තැපැල් කාර්යාලය අසලදී සිය ගණනක් ජනතාව ඉදිරියේදී යි. අයිඑස් සංවිධානය අතහැර යාමට උත්සාහ කරන අය බිය ගැන්වීම සඳහා ඔවුන් මෙවැනි දරුණු ක්‍රියාවලට පෙළඹී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ. විසි එක් හැවිරිදි අලි සකර් තම මවට වෙඩි තැබුවේ සිරියාවේ රක්කා නගරයේ දීයි.

 

Related posts

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday

කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව

colombotoday

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday