BusinessColombo Today Local News

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

තේ කර්මාන්ත ශාලා හිමියන් සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.

අද දින (ජන. 2) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර තේ දළු වෙන්දේසිය සම්බන්ධව විශේෂ සමාලෝචන රැස්වීමක් තේ මණ්ඩලයේ නිලධාරින් සමග පැවැත්වනු ලැබීය.

මෙම සරල අගය එකතු කිරීමේ බද්ද සඳහා තේ කර්මාන්ත ශාලා හිමියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවීම හේතුවෙන් තේ දළු වෙන්දේසියේ (Tea Auction) ඇතිවන ප්‍රමාදවීම් වළක්වා ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විනි.

එහිදී තේ දළු වෙන්දේසිය සඳහා මෙවැනි ගැටළුකාරී තත්වයන් උද්ගත වන තෙක් නොසිට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේ ය.

එමෙන් ම, දැනට තේ දළු වෙන්දේසි කරන ක්‍රමය වෙනුවට රටවල් ගණනාවක අනුගමනය කරන තේ දළු වෙන්දේසි කිරීමේ ක්‍රම වන ඍජු වෙන්දේසි ක්‍රමය (Direct Auction) හා ඉදිරි ගිවිසුම් ක්‍රමයන්ට (Forward Contract) අනුව තේ දළු වෙන්දේසි කිරීම වහා ම අරඹන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය.

ඒ අනුව මෙම ඍජු වෙන්දේසි ක්‍රමය හා ඉදිරි ගිවිසුම් වෙන්දේසි ක්‍රමය මෙම වසර තුළ ප්‍රවර්ධනය සඳහා සුදුසු වැඩ පිළිවෙළක් වහා ම සකසන්නැයි ද අමාත්‍යවරයා අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති වෙත උපදෙස් දුන්නේ ය.

සරල කළ අගය එකතු කිරීමේ බද්ද සඳහා ලියාපදංචි වීම මත තේ කර්මාන්ත අයිතිකරුවන්ට විශේෂ සහන රැසක් හිමිවන බවත් එමනිසා ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුවන් (Registered Identified Suppliers) හා ලියාපදිංචි හදුනාගත් ගැනුම්කරුවන් ( Registered Identified purchasers) වැට් බද්දෙන් නිදහස් වන බව ත් තේ මණ්ඩලයේ නිලධාරිහු සඳහන් කළහ.

ඒ අනුව සියලු ම තේ කර්මාන්ත ශාලා අයිතිකරුවන් සරල කළ අගය එකතු කිරීමේ බද්ද සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ද ලංකා තේ මණ්ඩලය අවධාරණය කළේ ය.

Related posts

යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !

colombotoday

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

colombotoday

රවීට වළ කපන ළගම මිතුරා කවුද?… අගමැති රනිල්ද?… මලික් සමරවික්‍රමද?

colombotoday

උසස් පෙළ ගිණුම්කරණයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් පත්කරද්දී මා අකමැති වුණා.. අගමැති ඔහුව පත්කර රටම ගද ගැස්සුවා

colombotoday