Colombo Today Local News

රවීට වළ කපන ළගම මිතුරා කවුද?… අගමැති රනිල්ද?… මලික් සමරවික්‍රමද?

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන මිතුරා යනු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහද, එසේ  නැතහොත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම දැයි රටට පැවසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (03දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රවී කරුණානායක මහතාගේ මිතුරන් සියලු දෙනා එකතුවී හොරා කා ඇතැයි මේ වනවිට ඔප්පු වී ඇති බවයි.

“මේ වගේ හොරකමකට චෝදනා ලබපු පුද්ගලයකු කොහොමද විදේශ අමාත්‍යවරයා ලෙස ලෝකය හමුවේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන්නේ? එවිට ශ‍්‍රී ලංකාවට සිදු වන අවමානය කෙතරම් බරපතළද? රවී කරුණානායක පමණක් නෙවෙයි, රනිල් වික‍්‍රමසිංහලා, මලික් සමරවික‍්‍රමලා එකතු වෙලා තමයි මේ මහ බැංකු බැඳුම්කර මෙහෙයුම පණ ගැන්වූයේ.

දැන් රවී කරුණානායක කියනවා ‘මිතුරන්ගෙන් පහර කෑමට සිදුවීමයි වේදනාව’ කියලා. කවුද රවීගේ මිතුරා? අගමැති රනිල් ද? එහෙම නැතිනම් රනිල්ගේ ගෝලයා මලික් සමරවික‍්‍රම ද? ඒ මිතුරන් දෙදෙනා හැර රවීට වෙනත් මිතුරන් සිටී ද? දැන් ඉතාමත් පැහැදිලියි මේ හොර රැළ බැඳුම්කර ගනුදෙනුවෙන් හොරා කාපු බව. බැඳුම්කර ගනුදෙනුවකින් හොරා කනවා, කියන්නේ රටේ ආදායමෙන් හොරා කනවා කියන එකයි. වෙනත් ආණ්ඩුවල අයට ‘හොරා කෑවා’ කියා චෝදනා ආවා නම් ඒවා සංවර්ධන ව්‍යාපෘති වැනි රටේ වියදමෙන් හොරා කාපු බවට වූ චෝදනා. නමුත් මේ චෞර රැළ හොරා කා ඇත්තේ රටේ ආදායමෙන්. “යනුවෙන් හෙතෙම පවසා සිටියේය.

Related posts

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය : තවත් අධිකරණ සේවකයෙක් අත්අඩංගුවේ

Admin

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

colombotoday

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

සාලාව පිපිරීම තවම අභිරහසක්.. වේයන්ගොඩ උණ්ඩ ගබඩාවත් ඉවතට

colombotoday

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin