Colombo Today Local News

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ට පදවි සන්නස්පත්‍රය පිරිනැමේ (Photo)

ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

අභිනව මහා නායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විජිනිපත පිළිගන්වනු ලැබීය.

අමරපුර පාර්ශවයේ අධිකරණ සංඝනායක ලෙසින් හා අනුනායක හා මහාලේඛකාධිකාරී ලෙසින් ද අමරපුර පාර්ශවයේ සම මහානායක ලෙසින් ද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ කටයුතු කළහ.

මහා නා හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් අරඹයි

Admin

වාර්ගික සංහාරයක්… ෂාෆි දොස්තරට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු !

colombotoday

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday

පොහොට්ටු මන්ත්‍රී තිදෙනෙක් නුවරඑළිය සෙන්පති මැදුරේ ඇල්ලු අඩව්ව සොයා විමර්ශන

Admin

භූමදානයට සුදුසු ස්ථානයක් සොයා බලධාරීන් සමඟ උලමා සභාව මන්නාරමේ ගිහින්.

colombotoday