Colombo Today Local News

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය : තවත් අධිකරණ සේවකයෙක් අත්අඩංගුවේ

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට අදාළව එම අධිකරණයේ සේවයේ නියුතු තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අධිකරණයේ සේවයේ නිරතව සිටි සිතාසි හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (22)දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කලාය.

Related posts

මොනරාගල සෙලවෙයි

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

නව නීතියෙන් ධර්මපාල චින්තනයටත් වැට… හැඟිම් ඇවිස්සෙන කතා කළොත් වසර දෙකක් සිරගෙට

colombotoday

වෙරළ සංරක්ෂණයට මුස්තාපා හරස් වෙයි.. අනවර ඉදිකිරීම් ඉවත් කරනවාට විරෝධය

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

වයිබර් වැඩ…

colombotoday