Colombo Today Local News

සාලාව පිපිරීම තවම අභිරහසක්.. වේයන්ගොඩ උණ්ඩ ගබඩාවත් ඉවතට

සාලාව යුද හමුදා මධ්‍යම උණ්ඩ ගබඩාව පිපිරී විනාශ වීමට හේතුව තවදුරටත් අබිරහසක්ව පවතින බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හමුදා බුද්ධි අංශය, යුද හමුදා පොලීසිය හා යුද හමුදාපතිවරයා විසින් පත් කළ මූලික පරීක්ෂණ උසාවිය මඟින් වෙන් වෙන් වශයෙන් පරීක්ෂා හතරක් සිදුවන නමුත් මෙම පිපිරීමට හේතුව මේ වන විටත් නිගමනය කර නොමැත.

එහෙත් මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව වසර විස්සකටත් වඩා පැරැණි උණ්ඩ ගබඩා කර තබා ගැනීම අවදානම්කාරී බව මේ පරීක්ෂණ කණ්ඩායම් හී නිරීක්ෂණයට හසු වී ඇත.එම උණ්ඩ වෙනත් රටකට විකුණා දැමීම හෝ විනාශ කිරීම හෝ සිදු කළ යුතුව තිබුණ ද පසුගිය කාලයෙහි ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නොමැති බවද සදහන් වේ.

අනාරක්ෂිත තත්වයක පවතින වේයන්ගොඩ යුද හමුදා කදවුරේ පවත්වාගෙන යන උන්ඩ ගබඩාව එයින් ඉවත්කර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයෙහි ගබඩා කිරීමට තීරණය කර ඇත.

අඹේපුස්ස කඳවුරේ පිහිටා තිබෙන ගොඩනැගිලි කිහිපයක් මේ වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති අතර මේ වන විට එම ගොඩනැගිලි වටා පස් කඳු ආවරණයක් සැකසීම සිදු වෙමින් තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ පවතින උණ්ඩ ගබඩාව ද අඹේපුස්ස කඳවුරට ගෙන යාම ද ඉදිරියේ දී සිදුවනු ඇති බව පැවසෙන අතර මේ වන විට එම ගබඩාව සහ වේයන්ගොඩ ගබඩාව වටා ද පස් කඳු ආවරණ සකස් කරමින් පවතී.

Related posts

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

colombotoday

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද-බැසිල් එරෙහි වෙයි..!

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව යුද හමුදාව යටතට

colombotoday

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin