Colombo Today Local News

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද-බැසිල් එරෙහි වෙයි..!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැනට සති කිහිපයකට පෙර සිට ගෙන ඒමට සුදානම් වන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම බැසිල් රාජපක්ෂගේද එකඟත්වයක් මෙතෙක් ලැබී නැතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග පවසයි. මෙම අවස්ථාවේ අගමැතිවරයාට විශ්වාසභංගයක් ගෙන ඒමට වඩා වෙනත් ප්‍රමුඛ කාරනා ඇතිබව මෙම දෙපලගේම අදහසවී ඇත.

මෙම අවස්ථාවේ මෙවැනි යෝජනාවක් ගෙන ඒමට වඩා පළාත් සභා මැතිවරණයක් ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීමට ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශිකර ගැනීමේ අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, ‘පොහොට්ටු’ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද අවධාරණය කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

අගමැතිවරයට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16 දා) සිට ආරම්භ කෙරෙන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට භාරදීමට පෙරේදා (14 වැනිදා) රැස්‌වූ ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේදී තීරණය කල බවත්, මේ සම්බන්ධව සෙසු පක්ෂ වල සහය ලබාගැනීම ඇතුළු ඉදිරි කටයුතු කරගෙන යාම මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකට පැවරූ බවත් ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ එම පුවත්පතට පවසා තිබෙනවා.

මූලාශ්‍රය – ශ්‍රී ලංකා මිරර්

Related posts

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්’

colombotoday

කෙසෙල්වත්ත පවාස් ඝාතනය : සැකකරුවන් හතරක් අල්ලයි

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි අරඹයි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට භාර වෙයි….

colombotoday

Free Wi-fi දෙන්න තව කාලයක් යනවා.. පාස්කු බෝම්බය නැත්තම් මෙලහකටත් දීලා !

colombotoday