Colombo Today Local News

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

ඉදිරි කැබිනට්‌ සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකුගෙන් දෙදෙනකු විශේෂ කාර්ය භාර ඇමැතිවරු ලෙස පත් කෙරෙනු ඇතැයි ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබේ.

එම ඇමැතිවරුන් දැනට දරන කැබිනට්‌ අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් දෙදෙනකුට පැවරෙන බව ද එම තිදෙනාගෙන් එක්‌ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළ වී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මේ අතර මහා මාර්ග අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇතත් අගමැතිවරයා එයට අකමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.

මෙවර කැබිනට්‌ සංශෝධනයේ දී සුළු වෙනස්‌කම් කිහිපයක්‌ පමණක්‌ කිරීමට මුලදී යෝජනා වී තිබුණ ද බලගතු කැබිනට්‌ වෙනසක්‌ සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

ඒ අනුව කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන්ට වගකීම් පැවරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත. මේ නිසා කැබිනට්‌ සංශෝධනය දැඩි දුෂ්කර වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.

Related posts

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

කරුට පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් නෑ… ආණ්ඩුවේ තීරණය මෙන්න…

colombotoday

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday

දුමින්ද දිසානායකගේ සහය නව රජයට හිමිවේ. අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම අද

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday