Colombo Today Local News

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නැමැත්තා ප්‍රහාරය සිදුවු දින පෙරවරුවේ සියෝන් දේවස්ථානය භාර දේවගැතිවරුන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති කොමිසමේදී ඊයේ (30)දින අනාවරණය වුණි.

ඒ සියෝන් දෙවස්ථානය භාරව සිටි දේවගැතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ දින පළමුව සාක්ෂි ලබාදුන්නේ මඩකලපුව සියොන් දේවස්තානයේ ගනේෂමුර්ති තිරුකුමාර් දේවගැතිවරයායි.

එහිදි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ ඉකුත් වසරේ අප්‍රෙල් 21 වන දින උදෑසන මින් පෙර තමන් නොදුටු පුද්ගලයෙකු දේවස්ථානය අසල සිටිනු නිරීක්ෂණය කළ බවයි.

පසුව අදාළ තැනැත්තාගෙන් කළ විමසීමේදි ඔහු තමන්ව උමර් ලෙස හදුන්වාදුන් බවත්, දේවස්ථානය නැරඹිම සඳහා එහි පැමිණි බව සඳහන් කළ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ තැනැත්තාට දේවස්ථානය තුළට යෑමට කළ ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කළ බවත් තම මවට අසනිප තත්ත්වයක් ඇති බැවින් දේව අශිර්වාදයක් කර ගැනීමට අවැසි බවත් සඳහන් කළ බව දේවගැතිවරයා සිය සාක්ෂිය තුළ පැවසුවේය.

ඒ අනුව සුව කිරිමේ දේව මෙහෙයන් බදාදා දිනයේ සිදුකරන බව තමන් එම පුද්ගලයාට පැවැසු බවද දේවගැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදි කොමිසම දේවගැතිවරයාගෙන් විමසා සිටියේ අදාළ සංවාදය කුමන භාෂාවෙන් සිදුවුයේද යන්නයි?

සංවාදය දමිළ බසින් සිදුවු බවත් ඔහු සිය මවට “උම්මා” යනුවෙන් ආමන්න්‍රණය කළ නිසා අදාල පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් යැයි තමන්ට හැඟි ගිය බවත් දේවගැතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

මෙම උමර් නම් පුද්ගලයා ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ සිට පැමිණි බව අනාවරණය වු බවත් ඔහු රෝස පැහැති ටී ෂර්ටයක් ඇද සපත්තු දා විශාල බෑගයක් පිට එල්ලාගෙන තොප්පිය පපුවට තදකර සිටි අතර ඒ තුළද කුඩා බෑගයක් තිබු බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

අනතුරුව උමර් නම් මෙම පුද්ගලයාව දේවස්ථානයේ කටයුතු කළ ස්ටැන්ලි නම් දේවගැතිවරයාට මුණගස්වා තොරතුරු ලබාගන්න යනුවෙන් ප්‍රකාශ කර තමන් දේවස්ථානයෙන් පිටව ගිය බව සාක්ෂිකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් දෙවස්ථානයෙන් පිටත්ව කිලෝමිටර් 5 කට ආසන්න දුරක් යන විට දේවස්ථානයේ කබලයක් ඇති බව දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ යැයි දෙවගැතිවරයා කොමිසම හමුවේ පැවසුවේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනතුරුව තමන් හැකි විගස නැවත දේවස්ථානයට පැමිණි අතර ඒ වන විටත් දේවස්ථානය ඇතුළත ගිනි ඇවිළෙමින් බොහෝ දෙනෙක් මියගොස් සිටි බවයි.

එහිදි තමන්ට උමර් නැමැති පුද්ගලයාව භාර දී ගිය ස්ටැන්ලි දේවගැතිවරයාව මුණ ගැසුණු අතර ඔහු හඩමින් “අර මනුස්සයා තමයි මොනවහරි කළේ” යැයි සඳහන් කළ බවද දේවගැතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

Related posts

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

colombotoday

ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන ඒකාබද්ධයේ සාකච්ඡා

colombotoday

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

“හෙළිකොප්ටරෙන් ගෙදර යනවිටත් ජනපති මමයි” – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු

colombotoday