Colombo Today Local News

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අධ්‍යාපන කටයුතු හදාරා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (29)දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා…

“විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වනවා පැවිද්දන් හැටියට. අවසන් වෙනකොට ඉතුරුවෙන්නේ ගිහියන් හැටියට. එහෙනම් අපි ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ, පැවිද්දන් හැටියට ආවොත් පැවිදිකමේ ම ඉන්න, අපි උපාධියත් පැවිදි ක්‍රමයෙන් දෙන්නම් ආපහු මාරු කරන්නේ නැහැ. ඒ වැඩකටයුත්ත ගිහින් කතා කරගන්න ඕනේ තමන්ගේ මහා නායක ස්වාමීන් වහන්සේලා සමග.මම අවධානය යොමු කළේ, මේ විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලාව. මම දැක්කා එදා, එවැනි භික්ෂුවක් අපේ මල්වතු ද අස්ගිරි ද මහා නායකට බනිනවා. දොස් කියනවා. කොහොමද මේවා කරගෙන යන්නේ? එතකොට අපිට අහන්න තියෙනවා, කවුද මේ අය? මේ භික්ෂූන් වහන්සේලා ද? වෛතුල්‍යවාදීන් ද? කියලා. සිවුර දැම්මා කියලා, ඒකෙන් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න.”

Related posts

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

විදේශ ඇමති මංගල ජාතිමය පාවා දුන්නා.. ඔහු රාජද්‍රෝහියෙක්

colombotoday

ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා – රනිල්

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

සඟවා තිබූ සහල් විශාල ප්‍රමාණයක් අල්ලයි

Admin

අද ඩොලරයේ මිල

colombotoday