Colombo Today Local News

ජනපති රාජාසන කතාව අරඹයි

ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වන විට ආරම්භ වී ඇති අතර, එහි රාජාසන කතාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මේ උත්තරීතර සභාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයින් අතර, විවිධ දේශපාලන පක්ෂ අතර විවිධ දේශපාලන මතිමතාන්තර තිබෙනවා. ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. නමුත් අපි සියලුදෙනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනය කරන්නේ, රටේ යහපතයි. ගෝලීය ව්‍යවසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේ දී රට ගොඩනගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයින් ලෙස අප සියලුදෙනාට ම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටුකිරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ දී ඔබ සියලුදෙනාටම ආරාධනා කරනවා. කෙටි කාලීන ගැටලුවලට සාර්ථකව මුහුණදෙන අතරම අපේ මුලික වගකීම වන්නේ, අප විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ලද බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලද දීර්ඝ කාලින සංවර්ධන වැඩපිළිවෙල නොනැවතී ක්‍රියාත්මක කිරීමයි.”

ජනාධිපතිවරයා විසින් සිදුකරමින් පවතින කතාවේ මුලික කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

  • ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර තිබෙනවා.
  • වයස අවුරුදු 16ට වැඩි 85%කට එන්නත මාත්‍රා දෙකම ලබා දී අවසන්.
  • පොලිස් නිලධාරින්ගේ ආකල්ප වර්ධනයට හා පුහුණු වැඩසටහන් සඳහා කටයුතු යොදා තිබෙනවා.
  • යුද්ධයෙන් විනාශ වු උතුරු හා නැගෙනහිර ජන ජීවිත නඟාසිටුවීමට ආයෝජන රැසක් කර තිබෙනවා.
  • පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව උසිගැන්වීම නැවැත්විය යුතුයි.
  • ජාත්‍යන්තර ප්‍රජාවගේ නිරීක්ෂණවලට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට සුදානම්.

Related posts

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

colombotoday

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin

රනිල් සල්ලිවලට 113 හැදුවා – පාර්ලිමේන්තුව විසුරුවාහැරි හේතුව විමල් කියයි…

colombotoday

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

Admin

ලොකු ලූනු මිල නැවතත් ඉහලට

Admin

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

Admin