Colombo Today Local News

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

ltte

කොටි සැකකරුවකු ලෙස වසර පහක් බන්ධනාගාරගත කොට සිටි පුද්ගලයෙකු යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් බ්‍රහස්පතින්දා (10) නිදහස් කිරීමට නියෝග කොට ඇත.

ප්‍රනාන්දු එමිල්දාස් නැමති මෙම සැකකරු පොලිස් ත්‍රස්තමර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ 2011 වසරේදීයි ඒ 2000 වර්ෂයේදී අලිමංකඩ යුදහමුදා කදවුරට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව මත වවුනියාවේ කූමාංකුලම පළාතේදීය.

එහිදි කොටි බුද්ධි අංශ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ බවට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් මොහුට චෝදනා එල්ල කරනු ලැබීය.

2011 වසරේ සිට වසර තුනක් පොලීසිය සැකකරුගෙන් ප්‍රශ්න කොට තොරතුරු සටහන් කරගෙන ඇතත්,එම තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා නොමැති බව ද යාපනය මහාධිකරණයේදී පැවති නඩු විභාගයේදී හෙළි විය.

නඩුව පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත් කළ යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචෙලියන් මහාධිකරණ විනිසුරු කියා සිටියේ පොලීසියත්, ආරක්ෂක අමාත්‍යංශත් සැකකරුට එරෙහිව නගා තිබූ චෝදනා ඔප්පු කිරීමට අසමත් වී ඇති බවටයි.
එමෙන්ම අලිමංකඩ යුදහමුදා කදවුරට ප්‍රහාරයක් එල්ල කළ බවට මොහුට චෝදනා එල්ල කොට ඇතත් ඔහු විසින් මරාදමන ලද හෝ තුවාල සිදු කළ හමුදා සාමාජිකයින් පිළිබදව තොරතුරු ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වී ඇති බවද යාපනය මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය.

සැකකරු විසින් කළ පාපොච්චාරණයේ සදහන් කරුණුද සැකයකින් තොරව ඔප්පු කිරීමට හෝ ඔහු ප්‍රකාශ කළ කරුණු පිළිබදව නිසි ලෙස පරීක්ෂණ පැවැත්වීමටද පොලීසිය අපොහොසත් වී ඇති බවද යාපනය මහාධිකරණයේදී පැවති නඩු විභාගයේදී හෙළිදරවු වීම හේතුවෙන් අදාල සැකකරු නිදහස් කිරීමට යාපනය මහාධිකරන විනිසුරු නියෝග කරන ලැබීය.

Related posts

කැබ් රථයක් බසයක ගැටී 5ක් රෝහලේ..

Admin

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

colombotoday

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday