Colombo Today Local News

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

මීරිගම ප්‍රදේශයේ ක්‍රිස්තියානි දේවස්‍ථානයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන පුද්ගලයකු මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17 වැනිදා) අලුයම සිදුවූ මෙම ගල් ප්‍රහාරයෙන් දේවස්ථානයේ ජනේලයක වීදුරුව බිදී ගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් අනුව අදාළ දේවස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් ගල් ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා පල්ලිය භූමිය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 65ක් වයසැති සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මන්ද මානසික පුද්ගලයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

colombotoday

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

Admin

මි. 50ක මත්ද්‍රව්‍ය සමග වැල්වැටිතුරේදී සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට

colombotoday

රංගේ, වසන්ත, සිඩ්නිට කැබිනට් නොවන ඇමතිකම්…

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday