Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්

බදුර්දීන්ට හිතවත් වෙබ් අඩවියේ වාර්තාව

කෝවිඩ් 19 වසංගතය පැතිරීම සමග මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ බලවත් ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකාවට දැනුම් දීමක් කර තිබෙන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට පක්ෂ පාති වෙබ් අඩවියක් අනාවරණය කර ඇත.

“මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකෙරෙන ක්‍රියා හෙලා දකින ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටී.” යැයි එම වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

“ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන නැග එන වෛරී භාෂණය සහ එදිරිවාදිකම්, රට තුල නව කොරෝනා වසංගතය (කෝවිඩ් 19) පැතිරීමට මුස්ලිම් ප්‍රජාව වගකිව යුතු බවට වන පක්ෂග්‍රාහී හා සනාථ නොකළ චෝදනා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තා මෙන්ම, වසංගතයට ගොදුරු වූ මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය කළ බව හා එම පිළිවෙතට විරුද්ධ වූ ප්‍රජා සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා ද කෙරෙහි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) බරපතල අවධානය යොමුවී තිබේ,” යැයි එම ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය ප්‍රකාශ කල බවක් එම වෙබ් අඩවිය දක්වා ඇත.

කේලාම් කීම

කෙසේ වෙතත් Colombo Today වෙත වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ නියෝජනය කරන මුස්ලිම් ජාතික අමාත්‍යවරුන්, හිටපු අමාත්‍යවරුන්, හිටපු මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, නීතිඥයන් කණ්ඩායම් වශයෙන් ලංකාවේ ඇති සියලුම මුස්ලිම් රටවල තානාපති කාර්යාල වෙත ගොස් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොව භූමිදානයට අවස්ථාව ලබා දෙන ලෙස රජයට බලකරන ලෙස ඉල්ලා ඇත. මේ බව අප වෙබ් අඩවිය මීට මසකට පමණ පෙර එනම් 2020 අප්‍රේල් 4 දින වාර්තා කරන ලදි.

අප වාර්තා කල එම පුවත…

විශේෂඥ මතය

මෙම අදාහන ගැටලුව මතුවන විට භූගත ජලය පිළිබඳව විශේෂඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය “වර්ෂාව ආරම්භ වීමත් සමගම වෛරසය හේතුවෙන් මියගිය පුදගලයන්ගේ මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි” ප්‍රකාශ කල අතර ඊට පසුව එම ප්‍රකාශයට අදාළ විද්‍යාත්මක සාදක ඇතුලත් වාර්තාවක් ද ඉදිරිපත් කරන ලදි.

එම ප්‍රකාශය පිළිබඳව අප වාර්තා කල පුවත…

උලමා සංවිධානය ආදාහනයට කැමතියි.

කෙසේ වෙතත් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට කැමැත්ත පළකර ඇත. ඔවුන් විසින් ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවන අළු භූමිදානය කරන ලෙස දන්වා ඇත.

එම තීරණය පිළිබඳව අප වාර්තා කල පුවත

මීට ඉහතදී Colombo Today ගෙන ආ වාර්තා

Related posts

විදේශීය නැව් සමාගම්වල සේවය සදහා ඉන්දීය ජාතිකයින් 151ක් දිවයිනට

colombotoday

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

colombotoday

ආණ්ඩුවට සහය දෙන්න රවී සුදානම් වෙයි

colombotoday

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

colombotoday

විදුලි බිලට එරෙහි විරෝධතාවලට එරෙහිව කටයුතු කරනවා – ඇමති කංචන කියයි

Admin