Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්…

දැවැන්ත ණය කන්දරාව මෙන්ම බාහිර සංචිතවල සුරක්ෂිතතාව හීනවීම හේතුවෙන් මෙරට ආර්ථිකය අවදානමකට ගොදුරු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවා.

පසුගිය වසරේ පැවැති කාලගුණයට සම්බන්ධ බලපෑම් හේතුවෙන් මන්දගාමී වූ ආර්ථිකය දැන් ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර, මේ වසරේදී සියයට 4.4ක වර්ධනයක් ලබනු ඇති බවයි අයි.එම්.එෆ්. නිවේදනයක දැක්වෙන්නේ.

එය පසුගිය වසරේ සියයට 4ක වර්ධනයට සාපේක්ෂව ප්‍රගතියක් ලෙස සැලකිය හැකි වුවත්, ශ්‍රී ලංකා මහබැංකුව අපේක්ෂා කරන සියයට 5.5කට ආසන්න වර්ධනයට සාපේක්ෂව අඩු අගයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2016 වසර මැද භාගයේදී මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළේ බදු ප්‍රතිසංස්කරණ සහ නම්‍යශීලී විනිමය අනුපාත පවත්වා ගැනීම ඇතුළු මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟවීමෙන් අනතුරුවයි.

මූල්‍ය ස්ථාවරභාවය ගොඩනැගෙමින් පැවතුණ ද, ශ්‍රී ලංකාව බාහිර කම්පනයන්ට ගොදුරු වීමේ අවදානම පහව ගොස් නොමැති බවයි අයි.එම්.එෆ්. අවධාරණය කළේ.

මේ වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 12.68ක ණය ආපසු ගෙවීම් සිදුකළ යුතු අතර එය රුපියල් ටි‍්‍රලියන 1.97කට ආසන්න මුදලක්.

Related posts

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

“මේ මගුල හරියන්නෙ නෑ… අවසානය ළගයි“ – යහපාලන මහ ඇමති මහින්ද සමග කියයි

colombotoday

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

colombotoday