Colombo Today Local News

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමුකර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටින බවත්, ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු සඳහා අද (10)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

විදෙස් රටවල සිරමැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටින බවත් රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

Related posts

මවක් තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday

(VIDEO) දකුණට පමණක් ඇති උතුරට වලංගු නැති සංහිදියාව ගැන මුලතිව් සම්බෝධි විහාරාධිපති හිමි කියයි

colombotoday

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

Admin

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

වානේ කම්බි සමාගමක බැංකු ගිණුමකින් කල මිලියන 43ක මුදල් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday