Colombo Today Local News

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු ගන්දර දෙවිනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15)දින ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 50ක්, හෂීස් ග්‍රෑම් 15ක්, ගංජා ග්‍රෑම් 85ක්, මත්පෙති 15ක් සමග මෙම සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 23ක් වු තංගල්ල පාර, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය.

ඔහු අද (16)දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රිෂාඩ් වෙනම සිර මැදිරියක රඳවයි

colombotoday

තිරිගු පිටිවලටත් අපමණ අගයක්.. කිලෝව 7.50 කින් ඉහළට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin

පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක්

Admin

නරඹන්නන් වට කරගෙන තිදෙනෙක්‌ දියේ ගිලෙද්දී ජිවිතය නොතකා ඔවුන්ගේ ජිවිතය බේරුවේ ඔහුය

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday