Colombo Today Local News

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඊළඟට ඔහු ඉදිරියේ පැවති ප‍්‍රබලම අභියෝගය වූයේ රාජ්‍ය පාලනය නිසි ලෙස කරගෙන යෑම සඳහා බහුතර බලය සහිත ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීම විය.
 
 ගෝඨාභය මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන විපක්‍ෂය ආණ්ඩු බලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට ලබාදී ඉවත් වුවද පාර්ලිමේන්තුවේ බහුතර බලය පැවතියේ විපක්‍ෂය සතුව වීම එයට එක් හේතුවක් වී තිබිණි.
 
 තවත් හේතුවක් වූයේ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇතිව තිබූ ගැටලූකාරී තත්ත්වයය.
 
 එහෙයින් ජනාධිපතිවරයා වී ලැබුණු මුල් අවස්ථාවේදීම තමන් සතු ව්‍යවස්ථාමය බලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහමැතිවරණයකට යෑමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගනු ලැබීය.
 
 ඉකුත් මාර්තු මස මුල් සතියේදී එසේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අපේ‍්‍රල් විසිහතර වැනි දින ඊළඟ මහ මැතිවරණය පැවත්වෙන දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.
 
 මෙසේ මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් වීමත් සමඟ රටේ ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන රජයක් බිහිකිරීම වෙනුවෙන් වූ ඊළඟ දේශපාලන පෙරළියට සූදානම් වෙද්දී ඉන් දැඩි සේ කැළඹීමට පත්වූ පාර්ශ්ව කිහිපයක්ද විය.
 
 මේ අතරින් ප‍්‍රධාන තැනක සිටියේ ශී‍්‍ර ලංකාව තුළ ස්ථාවර රජයක් ගොඩනැගීම සිය ජාත්‍යන්තර දේශපාලන අරමුණුවලට දැවැන්ත අභියෝගයක් බව දැන සිටි විදේශීය ඔත්තු සේවාවන්ය.
 
 රාජපක්‍ෂ පාලනයේ විදේශ ප‍්‍රතිපත්තීන් තුළ දකුණු ආසියානු කලාපයේ යළිත් චීනයේ බල ව්‍යපාත්තියක් නිසැකවම සිදුවනු ඇතැයි සහ එමගින් සිය අරමුණුවලට එල්ලවන බලපෑම ප‍්‍රබල එකක් බවට පත්වනු ඇතැයි ඔවුන් දැඩි ලෙස විශ්වාස කිරීම එකී කැළඹීමට හේතු විය.
 
 මෙවර මැතිවරණය ප‍්‍රකාශයට පත්වන විට එතෙක් බලාපොරොත්තු තැබිය හැකිව තිබූ රටේ ප‍්‍රධාන විපක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය සමඟි ජන බලවේගය සහ එජාපය ලෙස සජිත්, රනිල් යනුවෙන් දෙකඩ වීමත් 2015 සිදුකෙරුණු මේ රටට එරෙහි විජාතික කුමන්ත‍්‍රණයේදී එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන අනෙකුත් කණ්ඩායම්ද වෙන්වී සිටීමත් රාජපක්‍ෂ පාර්ශ්වයට නිසැක ජයක් හිමිවීමට හේතුවන බවද විදෙස් ඔත්තු සේවා දැන සිටියේය.
 
 එසේම ඒ වන විට උතුරේ දෙමළ දේශපාලනය තුළද අර්බුද රැසක් ඇතිව තිබිණි. එම තත්ත්වවය තුළ රාජපක්‍ෂ පාලනයක් බිහිවීම ස්ථීරවම සිදුවන බව දැනීයෑමෙන් කැළඹීමට පත්වූ තවත් පාර්ශ්වයක් වූයේ විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රධාන ස්ථාවර රජයක් තුළ ඉකුත් 2015 වසරේ කුමන්ත‍්‍රණකාරීව බිහිකළ යහපාලනය තුළින් ඇති කරගන්නට වෙහෙසුණු දෙමළ බෙදුම්වාදයට යළි තිත වැටීම සහ ඒ තුළ දේශපාලන රැකවරණ ආදී වශයෙන් විවිධ ක‍්‍රම මගින් විදේශගතව සිටින තමන්ගේ පැවැත්මට බලපෑම් එල්ල වීම කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව තුළ ඇතිවූ මෙකී කැළඹිලිකාරී තත්ත්වයට හේතුව වී තිබිණි.
 
 වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයට සහ දෙමළ බෙදුම්වාදයට කඬේ යමින් ඩොලර්වලින් බඩ වඩාගත් එන්ජී ඕ නඩවල සිටියෝද මේ අතරේ පවතින දේශපාලන වටපිටාව තුළ රාජපක්‍ෂ පාලනයක් යළි බිහිවීම නොඉවසූහ.
 
 අපේ‍්‍රල් විසිහතර වැනිදා මහ මැතිවරණය පැවත්වීමට නියමිතව තිබුණද ඒ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබූ කොරෝනා වසංගතය හේතුවෙන් මැතිවරණය පසෙක තබා රටේ ජනතාවගේ ජීවිතාරක්‍ෂාව වෙනුවෙන් මාර්තු මස විසිවැනිදා සිට ඇරඹී ක‍්‍රමයෙන් රටම වසා දමන තත්ත්වයක් දක්වා ගමන් කිරීමට රජයට සිදුවූයේ මේ අතරතුරය.
 
 මෙම තත්ත්වය කුමන්ත‍්‍රණකාරීන්ට අගනා අවස්ථාවක් උදාකර දුන්නකි. ඔවුහු බලයට පත්වුවද, එහිදී බිහිවන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රධාන රජය බලයෙන් හීන අති බහුතරයකින් තොර වැටඋඩ පවතින එකක් බවට පරිවර්තනය කිරීමට බොහෝ වෙහෙස ගත්හ.
 
 මේ සඳහා කි‍්‍රයාත්මක කෙරුණු උපක‍්‍රමයන්ද බොහෝ විය. කොරෝනා වසංගතයට රජය මුහුණු දෙන ආකාරය අතාර්කික අන්දමින් රට ඉදිරියේ දැඩි ලෙස විවේචනයට ලක් කළ ඇතැම්හු මෙහිදී කොරෝනා හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීම මුල්කරගනිමින් එයට ජාතිවාදී ස්වරූපයක් ආරෝපනය කිරීමටද වෙහෙසුනහ.
 
 කොරෝනා වසංගතය හමුවේ දිනෙන් දින මැතිවරණය කල් දැමෙද්දී මේ අන්දමට සිදු කෙරුණු දේ බොහෝ විය. ඒ අතරේ විදේශීය ඔත්තු සේවාද රහසේ කි‍්‍රයාත්මක වන්නට විය.
 
 ඒ අනුව වරක් මෙරට ප‍්‍රකට දේශපාලන විචාරකයකු යැයි කියන ඉකුත් කාලයේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සභාපතිත්වය දැරූ වියත් මගෙහිද සිටි ආචාර්යවරයකු ලවා ආණ්ඩුවට එරෙහි රහස් සාකච්ඡාවක් සංවිධානය කිරීමට විදෙස් ඔත්තු සේවා දෙකක් කටයුතු කරනු ලැබිණි.
 
 කොළඹ තරු හෝටලයකදී සංවිධානය කෙරුණු එම සාකච්ඡාව පැවත්වී තිබුණේ ඉකුත් ජුලි මස දෙවන සතියේ දිනකය.
 
 එහිදී සාකච්ඡාව සංවිධානය කිරීම වෙනුවෙන් ආචාර්යවරයාට හිමිවූ මුදල පමණක් ඩොලර් මිලියනයකි. විදෙස් ඔත්තු සේවා දෙකක නියෝජිතයන් සහභාගි වූ මේ සාකච්ඡාවට එක්වූවෝ කවරහුද?
 
 එක් අයකු වූයේ පසුගිය රජයේ සිටි දිනක එක්සත් ජාතික පක්‍ෂයේ ඔටුන්න තම හිස මත තබා ගන්නට සිහින දුටු උස හීන්දෑරි ඇමැතියෙකි.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපති වීමෙන් පසු ඇතිවූ දේශපාලන පෙරළියත් සමඟ අතීතයේ කළ පව් හමුවේ සිරගත වන්නට බියෙන් හදවත නතරවී පෞද්ගලික රෝහලකට ඇතුළු වූ දේශපාලනය තුළින් රටේ ජනතාවගේ දත් ගැලවූ හිටපු තවත් ඇමැතියකුද ඊට සහභාගි වී තිබිණි.
 
 ඉකුත් මහ මැතිවරණයට දින විස්සකට පමණ ඉහතදී පැවති එම සාකච්ඡාවට අදාළ විදෙස් ඔත්තු සේවාවන්හි නිලධාරීන් කිහිප දෙනකුද එක්ව සිට ඇති අතර ඉහතකී ඇමැතිවරුන් දෙදෙනා සමඟ එයට සහභාගි වූ තවත් චරිතයක්ද මෙරට බුද්ධි අංශ හ`දුනාගෙන තිබිණි.
 
 හේ අන් කිසිවකුත් නොව යහපාලනයේ කුප‍්‍රකට විමර්ශකයකු ලෙස කි‍්‍රයාත්මක වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ වැඩ තහනමට ලක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරය.
 
 ඉකුත් යහපාලනය සමයේ නම් ශානි අබේසේකරට අප මෙවන් චෝදනාවක් එල්ල කළහොත් වහා ළඟම ඇති අධිකරණයට ගිය ශානි කළේ ‘අනේ ස්වාමීනී මෙවන් හෙළිකිරීම් නිසා සීඅයිඞී එකේ අපිට පාරේ බැහැල යන්න බැහැ ලැජ්ජයි’ කියමින් මාධ්‍යවේදීන් උසාවි ගෙනයෑම විය.
 
 එහෙත් දැන් උදාවී තිබෙන්නේ කළපව් හමුවේ ශානිලා උසාවි ගොස් ඉන් නොනැවතී බන්ධනාගාරවලද තපින කාලය බැවින් අද දවසේ පාරට තබා සමාජය අතරටවත් ඒමට නොහැකිව සිටින ශානි අබේසේකරට කරන්නට ඇත්තේ රඳවා සිටින බන්ධනාගාරය් අධිකාරිවරයා හමුවට ගොස් පාපොච්ඡාරණයක යෙදීම පමණය.
 
 කොරෝනා වසංගතය හමුවේ රාජපක්‍ෂ බලය හීන කිරීමට රජයට එරෙහි මේ අන්දමට සිදු කෙරුණු කුමන්ත‍්‍රණ අතරේ පසුගිය කාලයේ අතිශය භයානක විනාශකාරී කුමන්ත‍්‍රණයක්ද සිදුව තිබෙන බව මේ මොහොත වන විට විශේෂ විමර්ශනයක යෙදෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දක්‍ෂ නිලධාරීන් පිරිසක් සමත්ව සිටිති.
 
 එකී නිලධාරීන් එවන් දක්‍ෂ මෙහෙවරක යෙදී සිටිනුයේද ශානි අබේසේකරලා මෙන් දේශපාලන පිශාචයන් නොව, අද දවසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නායකත්වය දෙමින් සිටින්නේ නියෝජ පොලිස්පති නුවන් වෙදසිංහ සහ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් වැනි ප‍්‍රවීණ නිලධාරීන් නිසාය.
 
 මේ වන තෙක් රටම නොදැන සිටි මෙම භයානක කුමන්ත‍්‍රණය වන්නේ කුමක්ද? කොරෝනා වසංගතය පැවති ඉකුත් කාලයේ රජය මගින් රට වසා දමා ජනතාවගේ යහපත උදෙසා ඇඳිරි නීතිය පැනවූ බව කවුරුත් දන්නා කතාවකි.
 
 එම කාල සීමාවේදී ඇඳරි නීතිය අතරතුර මහ මඟ ගමන් කිරීමට රජයෙන් අවසර ලබා දී තිබුණේ සීමිත වෘත්තිකයන් පිරිසකට හා විශේෂයෙන් ඇඳිරිනීති බලපත‍්‍ර ලබගත් පුද්ගලයන්ට සහ රථවාහනවලට පමණි.
 
 මෙසේ ඇ`දිරි නීතිය තුළ ගමන් කිරීමේ අවසරය රටේ මාධ්‍යවේදීන්ටද ලබාදී තිබුණකි. රජය එම තීරණය ගෙන තිබුණේ කොරෝනා මර්දනය හමුවේ මාධ්‍යයේ මෙහෙවරද ඉහළ තැනක තිබූ බැවිනි.
 
 සිය වෘත්තිය වෛශ්‍යා සේවයේ යොදවන්නෝ සිටිති. මාධ්‍යවේදියකු ලෙස එසේ කීමට සිදු වීමද කනගාටුවට කරුණකි.
 
 කෙසේ වෙතත් රජය ලබාදුන් අවසරයෙන් ප‍්‍රයෝජන රටේ පිළිගත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු දකුණේ පාතාලයේ සුරතලකුද සමඟින් කොරෝනා ඇ`දිරි නීතිය අස්සේ කේඞීඑච් වර්ගයේ වෑන් රථයක නැගී දඹුල්ල ප‍්‍රදේශයට යන්නේ පෙර කී වෛශ්‍යා වෘත්තියට අනුවය.
 
 ඔවුන් ගමන් ගත් වෑන් රථයේ ඉදිරිපස රටේ ඉහළම තැනක මාධ්‍ය ඒකකය යැයි සඳහන් පුවරුවක්ද සවිකර ගන්නට කටයුතු කර තිබීම මෙහිදී තවත් විශේෂයකි. එසේ දඹුල්ල ප‍්‍රදේශයට ගිය වෑන් රථය යළි කොළඹට පැමිණෙන්නේ නිකම්මද?
 
 නැත. ටී 56, ආර්පීජී, එල්එම්ජී වැනි අතිශය කි‍්‍රයාකාර භයානක ගිනි අවි සියයකට අධික ප‍්‍රමාණයක් අදාළ වෑන් රථයේ පටවාගෙනය.
 
 මෙම අවි තොගය මාධ්‍යවේදියා සහ පාතාල සුරතලා හමුදා නිලධාරීන් කිහිප දෙනකුගේද සහායෙන් අදාළ ගිනි අවි තොගය කොළඹට රැගෙන ආ බව මේ මොහොත වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විධිමත් විමර්ශනයකින් අනාවරණය කරගෙන අවසන්ව ඇත.
 
 මේ වන විට එම සිද්ධියට සම්බන්ධ පාතාල සුරතලා සහ යුද හමුදාවේ කිහිප දෙනකුද අත්අඩංගුව ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙර කල සිටි නිශාන්ත සිල්වා කන්දප්පා, ඒඑස්පී තිසේරා, අයිපී මෙන්ඩිස් වැනි දේශපාලන හාල්පාරුවෝ නොව වත්මන් අතිදක්‍ෂ නිලධාරීහු සමත්ව සිටින්නාහ.
 
 මේ ගිනි අවි තොගයෙන් කොටසක් හෙවත් ටී 56 ගිනි අවි 11 සහ ටී 81 වර්ගයේ ගිනි අවියක් හෝමාගම ප‍්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නට මීට සති කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකායට අණ දෙන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ දක්‍ෂ මෙහෙයවීම යටතේ හැකියාව ලැබිණි.
 
 ඉතිරි ගිනි අවි තොගය දකුණේ සිංහල පාතාලයට සහ කොටහේන ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක ද්‍රවිඩ පාතාලය අතට පත්වී තිබෙන බවද මේ වන විට හෙළිදරව් වී ඇත.
 
 දඹුල්ල ප‍්‍රදේශයේ සිට මෙම ගිනි අවි තොගය වෑන් රථයෙන්0 ප‍්‍රවාහනය කෙරෙද්දී අවස්ථා හතරකදී වෑන් රථය නවතා පරීක්‍ෂා කිරීමට අරක්‍ෂක අංශ පියවර ගෙන ඇතත් ඉහත කී මාධ්‍යවේදියා සිය මාධ්‍ය හැඳුනුම්පත ආරක්‍ෂක අංශ වෙත ඉදිරිපත් කිරීම නිසා පූර්ණ පරීක්‍ෂාවක් සිදුව නැති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ විමර්ශන මගින් හෙළිදරව් වී ඇත.
 
 ඉකුත් මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ගෝඨාභය රාජපක්‍ෂ රජයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වන පරිදි විදෙස් ඔත්තු සේවා සහ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඇතුළු පාර්ශ්ව ගණනාවක් කුමන්ත‍්‍රණකාරීව කි‍්‍රයාත්මක වෙද්දී මාධ්‍ය වෘත්තිය වෛශ්‍යා සේවයේ යොදාගත් එකකු සහ පාතාල සුරතලකු ඇතුළු කිහිප දෙනකු දඹුල්ල ප‍්‍රදේශයේ සිට මේ අන්දමට භයානක ගිනි අවි තොගයක් කොළඹට ගෙන ආවේ කුමකට විය හැකිද?
 
 එසේ ගෙන ආ ගිනි අවි දකුණේ පාතාලය සහ ද්‍රවිඩ පාතාලය අතට ගිය බව පමණක් මේ වන විට හෙළි වී තිබුණද මුස්ලිම් අන්තවාදීන් අතට ඒවා ගියේ නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොතිබෙන්නකි.
 
 මේ මොහොත වන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගෙන අවසන්ව ඇත.
 
 එම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ වත්මන් රජය බිම දැමෙන ආකාරයට කටයුතු කරන්නට දැන් කිසිවකුටත් නොහැකිය. එසේ නම් බහුතර සිංහල බෞද්ධ සහ කි‍්‍රස්තියානි ඡන්ද මෙන්ම අනෙකුත් සාම්ප‍්‍රදායික ශී‍්‍ර ලාංකිකයන්ගේ වුවමනාව සහ ඡන්දය ප‍්‍රකාශිත ආකාරය පරිදි බිහිවී තිබෙන වත්මන් රජය බිම දමා මේ රට යළි ආරාජික කිරීමට නම් කුමන්ත‍්‍රණකාරීන්ට ඉතිරිව තිබෙන අවසන් මඟ වන්නේ කුමක්ද?
 
 යළි මේ බිම අරාජික කර බෙදුම්වාදය ඉස්මතු කෙරෙන දේශපාලන අච්චාරුවක් ඇති කිරීමට නම් සියලූ ද්‍රෝහී බලවේගයන්ට ඉතිරිව ඇති එකම උපක‍්‍රමය වන්නේ ඝාතනය තෝරා ගැනීමය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා යනු අද දවසේ අවම ආරක්‍ෂාවක් සහිතව කටයුතු කරන්නෙකි. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් අවධානය යොමු කළද ඔහුද ආරක්‍ෂාව නොතකා ඇතැම් අවස්ථාවල කටයුතු කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නකි.
 
 එසේ නම් මේ ගිනි අවි තොගය දඹුල්ලේ සිට ප‍්‍රවාහනය කර පාතාලයන් අතට පත් කෙරුණේ මේ පිං බිමේ වාසනාවට රටට හිතැති රාජ්‍ය පාලනයක් බිහි වී තිබෙන මේ මොහොතේ පාතාලය හෝ වෙනත් මඟකින් ඉහත කී අනාරක්‍ෂිත ප‍්‍රභූ ඉලක්ක සපුරාගෙන රාජපක්‍ෂවරුන් ඝාතනය තුළින් රට යළි අරාජික කිරීමේ කුමන්ත‍්‍රණයකට අනුව විය නොහැකිද?
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු වත්මන් රජය මේ අවදානම වටහාගත යුතුය. පසුගිය දිනවල ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට පාතාල තර්ජනයක්ද එල්ල වී තිබිණ.
 
 එහෙයින් විමර්ශන නිලධාරීන් දෙවරක් සිතිය යුතු නැත. මාධ්‍ය නිදහස පිළිබඳ හෝ අන් යමක් ගැන මෙහිදී කිසිදු වලංගුභාවයක් නැත. වහා සිදු විය යුතු වන්නේ අශ්වයා පැන යෑමට පෙර ඉස්තාලය වසා දැමීමය.
 
 ඕනෑම කොන්ත‍්‍රාත්තුවක් භාරගෙන තිරිසන් මුදල වෙනුවෙන් තිරිසන් කි‍්‍රයාවකට සැදී පැහැදී සිටින්නෝ වත්මන් සමාජයේ ඉතා බහුලය.
 
 ඒ තත්ත්වය තුළ මේ මොහොතේ මෙසේ පාතාලය අතට ලැබී සැ`ගවී තබෙන ගිනි අවි කිහිපයක් විදෙස් ඔත්තු සේවාවක කොන්ත‍්‍රාත්තුවක් මත නිකමට මෙන් ඉහත කී ප‍්‍රභූ ඉලක්කයක් අරබයා එකවර පත්තුවුවහොත් අපි කුමක් කරමුද?
 
 එසේ වුවහොත් රටේ අවාසනාව සටහන් වන මීළග අවස්ථාව උදාවූයේ මෙසේ යැයි කියමින් ජාතියක් වශයෙන් පසුතැවීමට රටටම සිදුවන බව නම් සිකුරුය.
 
 එහෙයින් දඹුල්ල ප‍්‍රදේශයේ සිට දකුණට රැගෙන ආ බව කියන මෙම ගිනි අවි තොගය තවත් මොහොතක්වත් ගතවීමට ඉඩක් නොතබා සොයා ගැනීමට මෙරට බුද්ධි අංශ සහ පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ වහා කි‍්‍රයාත්මක විය යුතුවාක් මෙන්ම තරාතිරම නොබලා ඊට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙන යෑම නොපමාව කළ යුතු නොවේද?

Divaina

Related posts

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday

1980 පටන් මුස්ලිම් දරුවන්ගේ පොත්වලින් 99%ක් අන්තවාදීයි | විවිධ රටවල අන්තවාදීන් පළකළ පොතපත පරිශීලනයට නිර්දේශ කර ඇතැයිද අනාවරණයක්

colombotoday

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin

බදියුදීන් විරෝධය රට පුරා ඇවිලෙයි… විශ්වාසභංගයට ඡන්දය නොදී ගමට නොඑනු ! – පාර්ලිමේන්තු මන්ත්‍රීලාට රට වටෙන් අනතුරු ඇගවීම්

colombotoday

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

colombotoday